ප්‍රේමණීය මතක වස්තු...




ඔය බළල් ඇස් මත
මං නිසලව හිඳගෙන
ලිව්ව කවි පේලි මත
නුඹ සෙව්වේ නමක් නැති වදන...

ඇක්සෝ චොකලට් සුවඳ
දැනුදු පුරුදුයි නැහැයට
අමතක කලත් ඒ සුළිසුළඟ 
බසයක හිටියත් සොයාන එන්නේ මාවම..

නුඹ එක්ක යමි අතීතෙට
අත් අල්ලන් කඳුලු කැබැලිති විසි කරපු
මඟ දෙපස හුල්ලන නටඹුන් තියෙන
මා බියෙන් පා තබන්නෙද සීරුවට

හදිස්සියේ ඇහැරුනොත් නටඹුන්
රිද්දන තරම් නොදැන නුඹ
පුදුමයි මේ තරම් සුරක්ෂිත කෙරුවේ
අපේ ජීවිත මතක .



Comments

  1. ඉඳින් නුඹෙ කඳුළු කැට
    පෙමින් තව අල්ලාන
    සිතින් උහුලන ගින්න
    මතින් නැගිටිනු මිතුර!!!

    ReplyDelete
    Replies
    1. හා හා... ඔබේ කවිය නම් අගෙයි.. මං විරහවකින් පෙලෙන් නෑ හොඳේ... හී හී...

      Delete
  2. නටඹුන් සමතලාකර
    පොඩි කෑලි වලට කුඩුකර
    අතැ'ඟිලි අතර මිටිකර
    මිරිකා වෙන් කරනෙම්ද - ආදර.....

    ReplyDelete
    Replies
    1. එහෙම පුලුවන් නම්..... ස්තූතියි ලිඛිතා..

      Delete

Post a Comment

Popular Posts