දුක හා සඳ
මැදියමේ සැංගී හොරෙන්
හෙලුව කඳුලැලි කොට්ටේ මතදී
මැව්ව කැටයම් උදේ වියැලි
මැකී බොඳවීම තිබුනා.
සඳත් කරුවලේ එහෙම දිනයක
ඇවිත් මගේ දුක හිමින් ඇහුවා.
ඒත් ඒ දුක දරා ගන්නට
බැරුව සඳ මියැදුනී ද මන්දා.
ආයේ දින ගෙවි ගෙවී තිබිලා
අලුත් සඳකුත් මැවී තිවුනා
ඒත් මගේ දුක මැකුනේ නැතුවා..
එදත් මං හරි හුඟක් හැඬුවා..
ඉතින් ඒ නව සඳවතත් දැන්
හෙමින් මිලිනව යනවාද මන්දා..
ඒ නව සඳ මිලින්ව යන්නෙ නෑ කියලා හිතමු... [ධනාත්මක චින්තනය :D ]
ReplyDeleteඔව්.....
Deleteඑහෙම වෙනවා නම්.. හැමදාම සඳ පායලා තියනවා නම්... ^_^
තවත් ලස්සනට ගෙතුන කවක්
ReplyDeleteඅපූරුයි...
ජයවේවා!!!
ස්තූතියි ඉෂානි... ජයවේවා !!
Deleteසඳක පැහැබර කොපුල් තලයට
ReplyDeleteහාදු නැති බව හැඟුණු දවසක
කඳුළු දැක දැක ඉන්න බැරි එක
ලියනු දුටුවා කුමුදු පෙත්තක
යහන මත පිලිවෙලින් අහුරන
සීත කඳුළුම පිණි බිඳිති වැනි
ගසා ඇතිරිලි බිම හොවා දැන්
කුමුදු පෙති කියවා බලනු මැන !
කවිය ලස්සනයි ලිඛිතා..
Deleteඔබ කරන බ්ලොගය මං සෙව්වත් හොයා ගන්න බැරි වුනා..
:-)
Deletehttps://kadadasikole.blogspot.com මගේ දුප්පත් කොලේ
කියවීමෙන් ඉස්මොල්ලේ යන තරම් හිනාවක් ආවොත් වගකියනු නොලැබේ.
ස්තූතියි.. මං එන්නම් :-)
Delete