පින
කතුරුමුරුංගා ගහ කපපු දවසක
අහම්බෙන් දැක්ක කඳුලු ඇබිත්ත
දළඹු කෝෂයක බව දැන
ජෑම් බෝතලයක ජෑම් අහක් කර
කෝෂය අතුලට දමා කඳුලු පිසලූවෙමි..
කට ගැට ගසා හිල් පහක් විද
හැමදාම කොල වර්ග දැමූයෙමි..
ජෑම් බෝතලය කෝ අසන කල
අම්මාට එදා අහවරයැයි
කියන්න පෙලඹුනෙමි..
කඳුලු ඇබිත්තක් සමහරදාට
ජෑම් බෝතලය මත
නොදුටුවත් නොවේ...
පස්සේ දවසක දළඹු කෝෂය බිඳී සමනලයෙක් ඉපද එල්ලී සිටියේය
ජෑම් සුවැඳැති බිත්තියේ..
කට ඉරා පාර කැපුවෙමි නිදහස් වන්න..
සිරීපාදේ කාලෙට අදත් මට මතක් වෙනවා...
පා අහිමි මට සිරීපාදේ යන්නවත් බැරුවුනත්..
අර සමනලයා පියඹනවා ඇති
වඳින්නට සිරිපාදය..
අදිසි නුවුනා නම් එදා සමනල කඳුලු පිසලන්න..
ජෑමුත් අහක් කර,
මට ඒ සමනල් පිනවත් නොතිබෙන්න තිබ්බා
සිරීපාදේ වඳින...
සුන්දර කතාවක් හෙමීට දැනෙන්න ලියල තියනවා.
ReplyDeleteස්තූතියි ඔබට
Deleteහොදයි අරූ
ReplyDeleteස්තූතියි රෝමා...
Deleteනියමයි අරු.... මම මේකට මනාපයි ....
ReplyDeleteඔබට ජය...
ස්තූතියි ආයු...
Deleteස්තූතියි අසංග මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට....
ReplyDeleteලොකු කතාවක් හරිම සියුම් විදිහට ඉදිරිපත් කරල...
ReplyDeleteහරිම ලස්සනයි අරු...
ජයවේවා!!
ස්තූතියි ඉෂානි...
Deleteලස්සනට ලියලා තියෙනවා අරූ...
ReplyDeleteස්තූතියි මිතිල
Deleteම්ම්... අලුත් රහක්. ලස්සනයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Delete