දුක හා සඳ


මැදියමේ සැංගී හොරෙන්
හෙලුව කඳුලැලි කොට්ටේ මතදී
මැව්ව කැටයම් උදේ වියැලි 
මැකී බොඳවීම තිබුනා.

සඳත් කරුවලේ එහෙම දිනයක 
ඇවිත් මගේ දුක හිමින් ඇහුවා.
ඒත් ඒ දුක දරා ගන්නට 
බැරුව සඳ මියැදුනී ද මන්දා.

ආයේ දින ගෙවි ගෙවී තිබිලා
අලුත් සඳකුත් මැවී තිවුනා
ඒත් මගේ දුක මැකුනේ නැතුවා..
එදත් මං හරි හුඟක් හැඬුවා..

ඉතින් ඒ නව සඳවතත් දැන් 
හෙමින් මිලිනව යනවාද මන්දා..


Comments

  1. ඒ නව සඳ මිලින්ව යන්නෙ නෑ කියලා හිතමු... [ධනාත්මක චින්තනය :D ]

    ReplyDelete
    Replies
    1. ඔව්.....
      එහෙම වෙනවා නම්.. හැමදාම සඳ පායලා තියනවා නම්... ^_^

      Delete
  2. තවත් ලස්සනට ගෙතුන කවක්
    අපූරුයි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉෂානි... ජයවේවා !!

      Delete
  3. සඳක පැහැබර කොපුල් තලයට
    හාදු නැති බව හැඟුණු දවසක
    කඳුළු දැක දැක ඉන්න බැරි එක
    ලියනු දුටුවා කුමුදු පෙත්තක


    යහන මත පිලිවෙලින් අහුරන
    සීත කඳුළුම පිණි බිඳිති වැනි
    ගසා ඇතිරිලි බිම හොවා දැන්
    කුමුදු පෙති කියවා බලනු මැන !

    ReplyDelete
    Replies
    1. කවිය ලස්සනයි ලිඛිතා..
      ඔබ කරන බ්ලොගය මං සෙව්වත් හොයා ගන්න බැරි වුනා..

      Delete
    2. :-)

      https://kadadasikole.blogspot.com මගේ දුප්පත් කොලේ

      කියවීමෙන් ඉස්මොල්ලේ යන තරම් හිනාවක් ආවොත් වගකියනු නොලැබේ.

      Delete
    3. ස්තූතියි.. මං එන්නම් :-)

      Delete

Post a Comment

Popular Posts