අංකුර පත්‍රය
කෙලෙස ඇරඹීද නොදැන වසාගත් තෘණ මතින් හිස රුවා බලන මව්තුමිය අහිමි අංකුර පත්‍රයකි. පිනිබිඳෙන් හෝ වැඩෙමී යන ඒකායන බලාපොරොත්තුවෙන් විසල් වෘක්ෂයක් වන්නට පමණක්ම පෙරුම් පුරන්නේය.. ඒ මත සිනිඳු සීතල පිණි බිඳකි.. ඈ ගිනියම් කාශ්ටක හිරු කිරණ මැද වියැලෙන්නට ඉඩ හසර නොදී අංකුර පත්‍රයට සුරක්ෂිතව මෝදු වන්නට අත්වාරුවක් දෙන්නීය.
හදිස්සියෙන් පැමිණෙන සමනලයකු හෝ මීමැස්සෙකු පත්‍ර මත වැදි විසි වී ආයේ යන්නේ කිසිඳු බලාපොරොත්තුවක් මෙහි නොතිබුන සෙයිනි...නමුත් බලාපොරොත්තු ඇත්තේ සිය හදවත් තුල මිස කිසිම දෙයක නොවන වග කිසිවෙක් නොදැන සිටියෝය..
අංකුර පත්‍රය කෙමෙන් කෙමෙන් මෝදු වෙමින් මහත් හරිත ලක්ෂණ පහල කරමින්, දෙපසට පත්‍ර විහිදවමින් අහස් කුස සොයා ඇදෙන්නට වින.. යන්තමින් නෙත් ගැටෙන විහඟෙකු හැරෙන්නට කිසිවෙකු පැලෑටියට ලං නුවුනාහ.. කෙමෙන් කෙමෙන් පීදෙමින්, මහත් රකුසු මාරුතයන්ට මුහුන දෙමින්ද, මහත් වර්ෂාවන්ගෙන් පිඩීතවද හෙතෙම සිය ජීවිතය ගෙන ගියේය..
අසල වෘක්ෂ මත පිදේන පුෂ්පලතාවෝ දුට මහත් දුක්මුසුව සුසුම් හෙලමින්ද කිසිඳු විහඟුන්ගේ ගහනයක් නොලදව කිසිඳු ප්‍රේමාන්විත ස්වභාවයක් නොලද්දෙක්මි යන දුක් මුසු වැයුම තමාට මුමිනමින් ඉන්නාහ. එයින් කිසිඳු විපිලිසර බවක් නොවඩවමින් අනේක සවි ශක්‍තියකින් අනූනව දිවිගෙවන්නාම්හයි තමටම පවසාගනිමින් දුක්ඛිත තත්ව ශේෂ නොකරමින් හා නොතකමින් දිවි ප්‍රාප්ත කරන්නාහ..
නුමුත් දිනක් මහත් වූ ආශ්චර්යයක් පහල කරමින් තමාගේ මූලය අසලට විත් ශ්‍රමනයෙක් කුස තණ මිටි අතුරා අසුන් ගන්නා දුටව මහ වෘකෂයෝ මහත් වික්ෂේපයට පත් වූහ... ඒ වූ කලී කල්ප කාන්තාරයකට වරක් සිදුවන මහ බලසම්පන්න සිදූවීමක ආරම්භය යැයි වෘක්ෂ තුමූ නොදත්තෝය. කිසිඳු ප්‍රේමණීය මුලාවකට හසු නොවෙමින් තමා ගෙන ආ ජීවිතයෙන් කිසිඳු ඉරි තැලීමක් නොමැතිව විරාගික දිවියක් ගතකරෙම්දැයි එකත් පසව සිතින් සිතන්නාහ. සිය අතු පතර විහිදුනු වෘක්ෂ කලඹ ශ්‍රමනයන් වහන්සේටම සෙවන සලසන්නෙමි සිතමින් මහා විශාලව ආරෝහ පරිණාහ දේහයක් වඩන්නාහ. ශ්‍රමනයෝද කිසිඳු සිත් බිඳ වැටීමක් නොපෙන්වාම ඒකායන අදිටනින් යුතුව එහිම හිඳ භාවනානුයෝගීව සිටින්නාහ.
ඒ වෘක්ෂයෝද වර්ෂ ගණන් ගෙවෙමින් ශ්‍රමනයෝ තමා අත් හැර නොයමින් සිත ඒකාග්‍ර කරමින් බවුන් වඩමින් අවසාන අපේක්ෂාව උත්කෘෂ්ට කරන අන්දම දින මාස, වර්ෂ ගෙවමින් තමා බලා හුන් බව මෙනෙහි කරමින් ඉවසීම වඩන්නාහ.
කල්ප දහස් ගණනක් පෙරුම් පුරමින් තමා පැමිණෙන වග ශේෂව ඇති ප්‍රතිඵල වලින් දැනෙන බව සිතමින් ශ්‍රමන වහනසේ අව්, වැසි, මහ සුළං වලින් රක්නා ලදහ.
ඒ මහ දිනය මහ රන් පැහැ වූ සඳ පිපීමෙන් ආරම්භ වුනායැයි දැනෙන්මින් වෘක්ෂයෝද උකටලීව එකත් පසව සිටින්නෝය. ශ්‍රමනයන් වහන්සේගේ මහත් වු බුද්ධ ලක්ෂණ පහල වෙමින් මහ හිමිදිරියේ බුද්ධත්වයට පත් විය...
අවසානයේ ඒ වූ මහ ජයග්‍රහණයට තමාද ප්‍රාප්ත වූවා වැනී හැඟීමෙන් මඬින ලදුව මහා වෘක්ෂයෝද මහත් සන්තුෂ්ටියෙන් අතීතය මෙනෙහි කරන්නාහ. එ කල්හී කිසිඳු ලෙසකින් තමන් මහත් ජනි ජනයාගෙන් පිදුම් ලබන මහ බෝ වෘක්ෂයක් වේ යැයි නොසිතුවේය.. කල්ප ගණනක් පෙරුම් පුරාගෙන සම්‍යක් සම්බුද්ධ රජුන්ගේ බුද්ධත්වයට පත්වන කල සෙවන සලසන්න මෝදු වුනා යැයි නොදැන අනවැසි දුක් කඳුලු කුමට සැලුවේ යැයි සිතා කම්පා වූහ.. ඒ වු කලී ලෝ දහම නම්, තමාට ජීවිතය ලදින්නට කොහේ හෝ සැඟවු යටි අරුතක්ම තිබෙන්නාහයි අරුත් පැහැදුවේයැයි ලොවටම තතු දක්වන්නාහ...
ලස්සනයි....
ReplyDeleteඉරිසියා කලාට කමක් නැද්ද?
අනේ ඉරිසියා කරන්න එපා... මට ලියා ගන්න බැරි වෙයි :-( ...
Deleteලිඛිතා මං ගොඩක් කැමති බ්ලොග් තමා අමාගේ හීන සාප්පුව, ඒක කියවන්න. තව රුවන් බන්දුජීවගේ කවි, ප්‍රියලාල් කොග්ගලගේගේ කවි, බූන්දී එකේ කතා කවි කියවන්න.. ඔයාටත් පුලුවන් වෙයි මෙහෙම ලියන්න... මට ඒ තරම් බැහැ. මාත් උත්සහ කරනවා..
ආහ්.. මේ අද මං ඔයාගේ බ්ලොග් එක කියෙව්වා.. ඔයාටත් හොඳට ලියන්න පුලුවන් පරණ ලිපි හරිම ලස්සනට ලියලා තිබ්බා...හුඟක් දක්ෂ කෙනෙක් ඔයා..
Deleteඅමාගේ සාප්පුවේ මම මුල ඉඳලම පාරිභෝගිකයෙක් අප්පා..... වහ වැටිලා කියෝනව. බූන්දි උනත් පුදුම රසක් නේද? අනිත්වා මම කියෝලා බලන්නම්.. ඉන්ටකො බලන්ට කොහෙන් හරි ගොඩ යයිද බලන්ට
Deleteමගේ බ්ලොග් එක.. හික්.... ස්තුතියි ආවට
අපෝ ලිඛිතා ඔයා ගොඩ ගිහින් හොඳේ ඉන්නේ. මං මේ ඔයාගේ කවි,
Deleteලිපි කියොලා පිස්සු හැදිලා ඉන්නේ..
අරූ ගේ ලෝකය කියල තව බ්ලොග් එකක් තියෙනවද? අද අර ඇහැක චිත්‍රයක් දාලා තිබ්බේ.. මගේ බ්ලොග් රෝලේ තියෙන්නේ ඒක..
ReplyDeleteහරියටම දන් නෑ කල්‍යාන මිත්‍ර.. පොටෝග්‍රැෆි බ්ලොග් එකක් තියනවා colourful world of aru කියලා. තව අරුගේ අඩවිය කියලා එකක් තියනව.. ඒ ඇරෙන්න නම් දන් නෑ...
Deleteමරු අරුශි...මරු ලියවිල්ලක්...
ReplyDeleteස්තූතියි රස්තියාදුකාරයා.. ඔබේ අදහස් හරියට වටිනවා
Deleteලස්සන නිර්මාණයක් .
ReplyDeleteස්තූතියි බක්කරේ..
Deleteඅපූරුයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteභාෂාව හැසිරවිම අපුරුයි අරු...
ReplyDeleteඔබට ජය...
තුති ඔබට....
Delete