අඹගෙඩි රාජ්‍යය 03


මේ සීනිස් රජතුමා හුඟක් වයසක කෙනෙක්. තමාගේ එකම දූට විවාහයක් හොයමින් තමා ඒ දිනවල අඹගෙඩි රාජ්‍යයේ රජතුමා උන්නේ.. ඒ කුමාරිකාව සිනේක්සා.. ඇය හරිම නිර්භීත, යුදකාමි හැකියාවක් තියන, වීනස් දෙව්දුව වගේ ලස්සන කුමාරිකාවක්..අඹගෙඩි රාජ්‍යයේ ඇත්තො නම් ඇයට ඇමතුවේ සිනෙක්සා වීනස් කියලයි.
ඒ වගේම ඇය හරිම ආඩම්බරයි, ඇය අඹගෙඩි රාජ්‍යයේ  වෛද්‍ය විද්‍යාලයෙ හොඳම සිසුවියත් ඇයයි.. ඇයගේ බුද්ධිමත් භාවය රටේ හැමතැනම ප්‍රසිද්ධ වෙලා තිවුනේ..

සීනිස් රජු තමාව හමු වෙන්න පැමිනෙන ලෙස දූ කුමරියට පුවත් දැන්වුනා. ඒ රෝම සුවිස් කුමාරයව හමු වන්න දූ කුමරියව පිටත් කර හරින්න...
දූ කුමරිය ඒ වෙලාවේ උන්නේ යුද ශිල්පය පුහුණු වෙන ගමන්. ඇය පිය රජතුමාගේ අණ ලැබුන ගමන් යුද ඇඳුමෙන්ම රජ මාලිගාවට සැපත් වුනා..
" ඕ, මගේ දුවණි.. ඔබව මට හඳුන ගන්නවත් බැරි වුනා. මේ විදියට මං ඔබව දැක නෑ මේ මාලිගාවෙදී.."
යකඩ යුද ඇඳුම නිසා දූ කුමරිය දුටු ගමන්ම රජුට සිනහා ගියා... ඒත් එක්කම රජතුමට දැනුනේ ප්‍රමෝදයක්. තමන්ගේ එකම දුවණි යුද ශිල්පයේද දක්ෂයකු නිසා...

"පියාණෙනි ඇයි මට හමු වෙන්න කිව්වේ හදිස්සියෙම."
"දුවණි..!ඇත්තටම කාරණය ඉතාම බරපතලයි. රෝමයේ සුවිස් කුමාරයා ඇවිත් කිසිම දැනුම් දීමකින් තොරව.. ඒත් මං කැමති දුව ගිහින් කුමාරයා එක්ක සාකච්ඡා පවත්වනවා නම්.."
"පියාණෙනි.. මං එතරම් කැමති නැහැ රෝම කුමාරයෙක්ව හමු වන්න.. ඒත් පියාණන්ගේ අණ නොතකා සිටීමට නොහැකි නිසා මං හෙට උදෑසනින්ම පිටත් වෙන්නම්.."
සිනෙක්සා කුමරිය සුවිස් කුමාරයා හමුවන්න තීරණය කලේ කැමත්තෙන් නොවේ... මන්ද ඇය ඉතාමත් ආඩම්බරකාර කුමරියක් නිසා...
මතු සබඳේ...
********************


Comments

  1. අමුතු විදියේ කතාවක් වගේ ඊලග එකත් බැලමු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමා ... ^_^

      Delete
  2. හිතවත් අරු මැතිණිය වෙතටයි,






    මචං අරු කරුණාකරලා අපිට මේකෙ එල්ලෙන්න ගැජට්ටුවක් හයි කරනවද නැද්ද ?
    කතාව නියමයි. ඊලඟ කොටස එනතුරු සීරුවෙන් !

    ReplyDelete
    Replies
    1. අනේ මැතිනියනි ගැජෙට්ටුවක් තියනවා... වම් පස ඊ හිසෙන් බලන්න

      Delete
    2. ප්‍රීති !! ස්තූතී!

      Delete
  3. මුල්ටික මිස්වෙලා අදයි බැලුවේ නියමයි අරු

    ReplyDelete
  4. විනාඩි තුන හතරක් වත් එකදිගට හුස්ම නොගෙන කියවන්න පුළුවන් කොටස් දැම්මනං නරකැයි?

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මං පොඩ්ඩක් අවිවේකියි ගෝල්ඩ්ෆිෂ්

      Delete

Post a Comment

Popular Posts