බන්ධන 03

***************************************



" ළමයෙක් හැදෙනකොට ඕවා හරි යැයි අපේ,"
"නිරංජන්ට ළමයි නැද්ද කොහෙද ඉවෝන්.." මං එහෙම කිව්වා නෙවේ.. කියවුනා... ඒත් ඒක නොකියවිය යුතු දෙයක් කියලා හිතෙන කොට ඉවෝන්ගේ කට ඇරිලා තිවුනේ...
"ඔයාට විශ්වාසද අපේ..?"
මට අවිශ්වාසයක් තිබුනේ නැහැ කොහොමත්... ළමයි නැති වැරැද්දත් මට පැටවෙමින් තිබුනේ මාස කිහිපයකම ඉඳලා... කොයි තරම් ආදරෙන් සැලකුවත් නිරංජන් එහෙන් මෙහෙන් මට හින්ට් ගහන එක පටන් අරං තිබ්බේ දරුවෝ ගැන කියලා..
"අපේ අක්කට දැන් තුන්වෙනි ළමයත් ඉන්නවා.…'' 
නිරංජන් කියන ඒවා මං හිටියේ ඇහෙන් නැතුව වගේ..
මට ඉවස ගන්නම බැරි තැන මං හොරෙන් වී.ඕ.ජී. කෙනෙක් හම්බෙන්න ගියා ඇත්තටම... මගේ අඩුපාඩු තියේද බලන්න... දොස්තර මගේ පරීක්ෂණ කිහිපයක් කරලා කිව්වේ,. "ඔයාගේ වරදක් නෑ ළමයෝ, ළමයි හදන්න ශක්තිය තියනවා.. සමහර විට හස්බන්ඩ් සක්සස් නැතුව ඇති.." කියලා...
"හස්බන්ඩ් එක්කම ආවා නම් තමා හොඳ ඊළඟ පාර එනකොට.. අපිට ඉක්මනට ප්‍රශ්නයක් තියේ නම් ට්‍රීට්මන්ට් වලට යන්න පුලුවන්" කියලා දොස්තර ආයේ, ආයේත් කියද්දී මං නිරුත්තර වුනා..
දොස්තර කිව්ව විදියට මං දවස් බලලා එයා එක්ක නිදා ගත්තා.. මාස හතරක් පහක් ගත වුනත් වෙනසක් තිබුනේ නෑ...
ඉවෝන් ඉස්සරහා මට එහෙම කියවුනේ නිරංජන්ට ළමයි නැති බව හිත මොර ගගා තිබුන නිසා.. 
"වඳ භාවයෙන් 70%කට ආසන්න හේතු තියෙන්නෙ පිරිමින්ගේ වුනාට වඳ භාවයේ වැරැද්ද පැටවෙන්නේ ගැහැනියට.." මං එහෙම කිව්වේ ඉවෝන් මට ළමයි ගැන කියලා හින්ට් එකක් ගැහුවා කියලා හිතුන නිසත්, පිරිමි හුඟ දෙනෙක්ට මේ තත්වය තියනවා කියලා අඟවන්නත් එක්ක...
මං ඉවෝන්ට මුකුත් කියන්න නොතියම ලොග් අවුට් වුනේ පොඩ්ඩක් හිත හදා ගන්න..

**************************************

Comments

  1. Replies
    1. බෑ බෑ තාම ලියලා නැතෝ..

      Delete
  2. මේ ඉවෝන් කියන්නේ පිරිමි කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. සොරි මුලින්ම පරක්කු වුනාට පිලිතුරු ලියන්න.. ඉවෝන්.. මං කතාව මුලදි ලියද්දි නම් ඒ නම භාවිතා කලේ පැටලෙන්නම... අපි බලමු කවුද කියලා අන්තිමට නේද...

      Delete

Post a Comment

Popular Posts