අඹගෙඩි රාජ්‍යය 04

*****************************************

ඒ අතර සීනිස් රජුගේ ප්‍රධාන අමාත්‍ය වරයා සුවිස් කුමාරය ඇතුලු පිරිසව යකඩ සපත්තු හතක් ගෙවෙනකම් සිනෙක්සා කුමරියගේ ගිම්හාන මාලිගාවට රැගෙන ගියා.. ඒ යන අතර මඟ වින්සි වනාන්තරය වගේම යැංසි ගඟත් පහු කරන් යන්න වුනා... වින්සි වනාන්තරය ඉතාම අඳුරු වගේම භයානක වනාන්තරයක. මොකද එහි මාංශ භක්ෂක ශාක හුඟක් තිබුනා.. ඒ ශාක වලට හිරිහැර කරන ඕනම කෙනෙක් එක් ක්ෂණයකින් උස්සලා තමන්ගේ මුඛයට දාගන්න තරම් ඒ ශාක වේගවත් වගේම භයානකයි.. ඒ බව ප්‍රධාන අමාත්‍යවරයා සුවිස් කුමාරයා ඇතුළු පිරිසට මුලින්ම පැවසුවා. එම නිසා වනයේ කිසිම ශාකයකට අත තියන්නවත් එපා කියලා. 
ඒ වගේම යැංසි ගඟත් එකපාර රළු වෙන්න පුලුවන් නිසා ගඟට හිරිහැර කරන්නත් එපා කියලා අමාත්‍ය කිව්වා..
නමුත් සුවිස් කුමාරයා ඒ බව විශ්වාස කලේ නෑ..

ඒ වගේම වින්සි වනාන්තරේ හුඟක් මී අඹ තිබුනා. සුවිස් කුමාරයට උවමනා වුනේ අඹ කන්න... රෝමයේ ඉන්නකොට කුමාරයා කෑවෙම මී අඹ. 
ඇත්තටම ඒ වෙලාවේ සුවිස් කුමාරයා හිටියේ හුඟක් මහන්සියෙන්. ඇයි එක දිගට යකඩ සපත්තු හතකුත් ගෙවෙනකම් ඇවිදලා තිබුනේ. ඉතින් සුවිස් කුමාරයා තමන්ගේ අත්වැසියෙකුට කිව්වා තමාගේ කුස ගින්න නිවන්න අඹ අවශ්‍යයි කියලා.
ඇත්තටම කිසි කෙනෙක් එයට කැමති නුවුනත්, කුමාරයට තිබ්බ බය නිසා කුමක් කරන්නදැයි සේනාව සිතන්නට වුනා... 
නැවත වතාවක් කුමාරයා තමන්ගේ සේනාවේ  පුද්ගලයකුට නියම කලා අඹ කඩන ලෙස... 
එවිට කුමාරයාට තියන බිය නිසාම ඔහු අඹ ගසකට නගින්න පලවෙනි කකුල තිබ්බා. දෙවනි කකුල තියනකොටම ගස දෙපැත්තට සෙලවෙන්න ගත්තා. නැවත වරක් ඊළඟ අඩිය තියනකොටම ඔහුව ගසේ අත්තක් ඇවිත් උඩට ඉස්සුවා.. ඔහු බයෙන් විලාප තිබ්බා. ඉන්පස්සේ ගහ කුමාරයගේ අතවැසියව ආහාරයට ගත්තා..

නැවතත් කුමාරයා ඇතුලු සේනාව බියෙන් සලිතව ගමන්කරන්න වුනා..   ඒත් කුමාරයාගේ මී අඹ කෑමේ ආසාව නම් හිඳුනේ නැහැ... ඔහොම යනකොට යැංසි ගඟ හමු වුනා.. එතකොටම කුමාරයාට මහ පිපාසයක් ඇති වුනා...
*************************************


Comments

  1. එකපාරම ලියන්නකෙ ා ,
    මම සුරංගනා කතා වලට ආසයි,

    ReplyDelete
    Replies
    1. එක පාර ලිව්ව කතා වලින් අපගමනය වෙලා ඉන්නේ.. ඒ නිසා පොඩ්ඩක් ඉවසන්නකෝ

      Delete
  2. කුමාරයාගේ අඹ කෑම කෙසේ වෙතත් අපේ කියවීමේ ආසාව නම් මෙහෙම කුරුවල් කරන එකට බලවත් විරෝධය, ඉඳගෙන!

    ReplyDelete
    Replies
    1. කුරුවල් කියන්නේ කුතුහලය අඩු වෙලාද අප්ෆා...

      Delete
  3. කියවන්ඩ පටන්ගනිද්දිම ඉවරයි,දිගට ලියන්ඩෝ

    ReplyDelete
  4. හොදයි හොදයි අරූ

    ReplyDelete

Post a Comment

Popular Posts