අඹගෙඩි රාජ්‍යය 05


<<< කලින් කොටසට

**************************************



කුමාරයගේ පිපාසය සංසිඳවන්න ඔවුන් ළඟ ජලය නොතිබුන නිසා යැංසි ගඟට ගොස් කවුරු හරි ජලය රැගෙන එන්නට සිදුවිනා.. ඒත් කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ යැංසි ගඟට යන්න.. අඹගෙඩි රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යවරයා කිව්ව විදියට යැංසි ගඟ පෙනෙන විදියට ඉතාම නිසල ගඟක් වුවත් එය එකෙනෙහි රකුසු වී බිලි ගන්නට හැකි බව සියල්ලටම සිතුනා. 
එබැවින් කිසිවෙක් එයට බසින්නට සූදානම් වුනේ නැහැ.
නමුත් කුමාරයා තමාට පිපාස බව නැවත වරක් සැල කර සිටියා. කුමාරයා තම අතවැසියෙකුට කතා කර වතුර රැගෙන එන ලෙස අණ කලා. 
එබැවින් අතවැසියා බියෙන් බියෙන් ජලය රැගෙන එන්න යැංසි ගඟ කරා පියවර තැබුවා...

ඇත්තටම යැංසි ගඟේ රකුසෙක් හිටියා... රකුසා අවුරුදු ගණනක් තිස්සේ යැංසි ගඟේ රජ කරන් උන්නේ. පිටස්තරයින් ගඟට අවසරයකින් තොරව පැමිණෙනවා නම් රකුසාගේ කුස ගින්න වර්ධනය වුනා.. එහෙම්මම රකුසා ඒ පුද්ගලයාව ආහාරට ගත්තා...
ඒ විදියටම සුවිස් කුමාරයාගේ අතවැසියට සිද්ධ වුනේ යැංසි ගඟේ රකුසට බිලි වෙන්න...
දැන් සුවිස් කුමාරයා නම් ඉන්නේ හොඳටම බඩගින්නේ... ඒ වගේම බය වෙලා.. සිද්ධ වෙන්න තමන් කිසිම විදියකට නොහිතපු දේවල්.. තමන්ගේ සේනාවෙත් එක්කෙනා දෙන්නා අඩු වෙනවා.. ආහාර හිඟකමත් එන්න එන්න වැඩි වෙනවා.. කොහොම හරි යකඩ සපත්තු හත ගෙවුනට පස්සේ සිනෙක්සා කුමරියගේ මාලිගාවට ආවා. ඒක ඉතාමත් මනස්කාන්ත මාලිගාවක්... මාලිගාවේ තියන මල් වත්ත එක එක මල් වලින් පිරිලා.. ඒ වගේම සමනල්ලු, පිරිලා මල්පැනි බොන්න...
මාලිගාවට ඇතුල් වුනාට පස්සේ සුවිස් කුමාරයා ඇතුලු පිරිසට මුලින්ම ලැබුනේ රසවත් ආහාර වේලක්.. ඔවුන් ආහාර වේල අරන් නිදා ගන්න ගියා, ඇයි හුඟක් දුර ඇවිදලා ඇවිදලා මහන්සිනේ...
සුවිස් කුමාරයා නොදන්නවා වුනාට සුවිස් කුමාරයා ඇතුලු පිරිස දින හතක් එක දිගට නිදාගෙන තිබුනා.. ඉරවල් හතක් අහසේ පායලා බැහැලා ගිහින් තිබුනා. අට වෙනි ඉර පායපු දවසෙ තමයි සුවිස් කුමාරයා ඇතුලු පිරිස අවදි වුනේ.. එදාම සිනෙක්සා කුමාරිකාවත් තමන්ගේ මාලිගයට සැපත් වුනා...

**********************
To be continue >>>

Comments

  1. අරූ ලියන විදිහට කියවන්ඩ ආස හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බක්කරේ.. ඇත්තටම එහෙම නම්... 😊😃

      Delete
  2. අරුගේ සුරංගනා කතා කියලා පොතක් ප‍්‍රාකාශයට පත් කරමු.

    ReplyDelete
    Replies
    1. උප්ස්... ඒ තරම් හොඳද ...? 😊😊😊

      Delete
  3. ඔයා ලියන විදිහට මම ගොඩක් කැමතියි... අර බන්ධන කතාවෙ ඊළඟ කොටස දාන්න...

    ReplyDelete
    Replies
    1. අහ්.. ,ස්තූතියි මිතිල..
      ඔන්න මිතිල ඔයා කිව්ව නිසාම අද දානවා ඒකේ ඊළඟ කොටස. හැබැයි, ඉන් පස්සේ කොටස නම් තාම එඩිටින් හොඳේ...

      Delete

Post a Comment

Popular Posts