අරගල හදවත්..



මං හිටියේ අරගලයක... ඒක අරගල කිහිපයකින් සාන්ද්‍රනය වුනු මහා අරගලයක්... 
එක පසකින් මගේ හිතත් එක්ක.. අනික් පසින් මං රවටලා අතරමං කල කෙල්ලොන්ගෙන් බේරෙන්න.. තව පැත්තකින් සමාජ දෝෂාරෝපණය එක්ක..
මට වුවමනා වුනේ මගේ කතාව තියන කෙල්ල හොයා ගන්න.. පොතක් ගන්න පොත් සාප්පුවකට ගොඩ වුනාම වෙලා අරන් පොත් කිහිපයක් අරන් කියවලා බලන්නේ තමන්ට ගැලපෙන කතාව තියෙන්නෙ මොන පොතේද කියලනේ.. ඒ වගේ මට වුවමනා වුනේ මගේ කතාව තියන කෙල්ල හොයා ගන්න.. එක්කෙනෙක්ගේ කියවිල්ල අල්ලන් නෑ. අනික් කෙල්ලගේ නිහඬ බව අල්ලන් නෑ.. තව කෙනෙක්ගේ ලැජ්ජාව අල්ලන් නෑ. කෙල්ලට ලැජ්ජ නම් හිතෙන්නේ මේකි එක්ක කොහොම ඉන්නද කියලා... ඇයි මුකුත් කියන් නෑනේ... ලැජ්ජ නොවෙන ඕපන් කෙල්ලෙක් හම්බුනාම එයා බඩුවක් කියලා හිතෙන්න ගන්නවා..

මට පුරුද්දට ගිහින් තිබ්බේ පොත් සාප්පුවකට ගිහින් මුදල් ගෙවලා පොතක් අරන් ඉවර වෙනකම්ම කියවලා පැත්තකට විසික් කරන්න... හැම පොතකට ගෙවන්නේ මම නම්, ඒක කඩමාලු වෙනකම් මාස ගනන් එක දිගට කියවන්න හිමිකමත් මට තිබුනේ කියලා කාටවත් කියන්න මට නුවමනායි.. ඒ වගේම මගේ ප්‍රතිපත්තියක් තිබුනා කා ඒකවත් බෙදා නොගැනීම.. පොතට අකමැති නම් මං වෙන් පුද්ගලයකුට ගන්න ඉඩ දෙනවා.. එක එක පොත් වල තියෙන්නෙ විවිධාකාර රසවල්...ඒ අතර කිසිම රහක් නැති පොතුත් තිබ්බා.. මං එකක් සම්පුර්ණයෙන් මට ඉහිලුම් නොදෙනකම් කියවලයි වෙන පොතකට අවැසි නම් යන්නේ...
මට දැන් ඔක්කොම පොත් ඇති වෙලා.. මට ඕන කවියක්.. මියෙනතෙක්ම කියවලා එපා නොවෙන.. හයිකුවකට කැමති නැහැ. මහ පතරංගයක් නොවුනට කමක් නෑ. ඒත් හැම අකුරකම හැඩතලයක් තියෙන්න ඕනා.. කොච්චක් කියෙව්වත් එපා නොවෙන..කියවලා ඉවර වුනාම "අහ් කුමන අහ්ලාදයක්ද?" කියලා කියවෙන්න ඕනා...

Comments

  1. මෙන්න ඔයාගේ නියම හැඩය පෙන්වන ලියවිල්ල අරූ!

    මට මේකේ කෙල්ල වර්ෂන් එක, මගේ draft එකෙන් අදිනවද කියලා හිතන්න වෙනවා....

    අදිනවද... නිකා ඉන්නවද
    අදිනවද... නිකා ඉන්නවද
    අදිනවද... නිකා ඉන්නවද
    අදිනවද... නිකා ඉන්නවද
    අදිනවද... නිකා ඉන්නවද
    අදිනවද... නිකා ඉන්නවද
    අදිනවද... නිකා ඉන්නවද

    ඔන්නොහෙ පස්සෙම අදිනවා...

    ReplyDelete
    Replies
    1. මට ඒක බලනකම් ඉවසිල්ලක් නෑ.. කෝ ඒක ඕනා

      Delete
    2. ඒක 'පොල්මල්ලුමක්' වගේ ලියලා තියෙන්නේ. හිතට හරි මදි ලියවිල්ල ගැන. පොඩ්ඩක් සුද්ද කරලා, දෙහි ඇඹුල් දාලා තමයි ගන්න වෙන්නේ.

      දැම්ම බැරි වෙයි අරූ.. කමක් නැහැනේ?

      Delete
    3. මොනවා කරන්නද එහෙනම්.ඒත් මං බලං ඉන්නවා

      Delete
  2. කෙල්ලේ වැඩේ නියමයි. අහ් කුමන අාහ්ලාදයක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය

      Delete
  3. කවියක් හම්බවෙයි ඔහොම දිගටම යමු ;-)

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් හොඳයි.. හි.. හි...

      Delete
  4. අහ් කුමන අහ්ලාදයක්ද?

    ReplyDelete
    Replies
    1. හැ.. කවියක් හම්බුනාවත්ද...

      Delete

Post a Comment

Popular Posts