හොර හිත්...

ප්‍රේමය කියවන්නේ රාගයත් එක්ක වුනත් ඒක ලස්සන හැඟීමක්.... මං මගේ කවිය ලිව්වේ ලිඛිතාගේ කවියක පිලිතුරු විදියට..




ලිඛිතා:

දිනපතා දකින ඔබ
හීනෙන් බදා තොල් සිපින,

වාත්තුකල සිරුර
වෙලන සළුපට හිතින් ගලවන ,

උදෑසන පින්න
සැරදැයි පමණක් අසන,

හොර හිත මගේ
සුදුපාට මුහුණට වැහුන!


අරු:
ඔබේ සුදු වුවන
දකින විට මැවෙන
හීන යායන් මැද
මා සිතින් වල්මත් වන

නෙත් පියන ඇසිල්ලෙත්
හිතින් නුඹවම සිඹින
රුහිර වර්ණයන මතුවන තුරු
හීනෙනුත් තොල් සිඹින

මේ හීන යායම
නුඹේ හිත මත තබන
දිනය දුර නොවේ යැයි
දැන් නම් මසිත කියන

නුඹේ ඝන වරලස මත
මා මුව තබන
සුසුදු සුසිනිඳු සුවය මැද
සිතින් වල්මත් වන

බියෙන් වදනක් දෙඩුව
සමය අවසන් බව
නුඹ නොකියා කිවූ බසට
මසිත ඉකිලෙයි තුටින

Comments

  1. අරූ ඇහිපිල්ලම් ගහන වේගෙට පෝස්ට් දාලනෙ.හිමීට කියවන්ඩ ඕනි .

    ReplyDelete
    Replies
    1. තව කතා කවි නම් ලියපුවා තියනවා පොස්ට් කරන්න පුලුවන්...
      හිමින් සැරේ කියවන්නකො බක්කරේ...

      Delete
  2. පබැදුම ලස්සනයි අරු... නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි 😘

      Delete
  3. මමත් කියෙව්ව, ලස්සනයි ආ... 18+ද මන්ද

    ReplyDelete
    Replies
    1. 18+ කියලා හිතෙනවා නම් එහෙම හිතාගන්නකෝ.. ස්තූතියි කියෙව්වට

      Delete
  4. නියමයි !!!!

    ReplyDelete
  5. පිළිතුරනම් ලස්සනයි අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... ජයවේවා

      Delete

Post a Comment

Popular Posts