නව්‍යතන ප්‍රේමය

සහස් නෙතු 
බිතු සිතුවම් වැනිය.
සිය දහස් පෙදෙසෙන්ම
ඒ දෑස් සැංගි හිඳී..

කොහෙන් වුව අයා
ලොවටම ගතු කියයි.

නොමැති කල 
විනයකුඳු සිහිල් රැලි නගා එයි.
එනමුත් මහ හඬින්
කාලයකට පසු රැලි ගසයි..
ඒ රැලි මුග්ධයකුගේ සේ
හදවත පසාරු කරයි.

කවි මිමිනු අතීතය 
අමතකම කරවයි.
ප්‍රේමයක් තිබුනදැයි
කුකුසක්ව ගිලා බසී..

"ප්‍රේමය නම් මෙයය.
ලිවින් ටුගෙදර් ය.
ඒත් රහසින්මය.
මේ ආසියාවය.."

මුලු මහත් සමාජය
අළුව දිස් වුවත් රන් ඊ හිසකි.
ඒ තරම් මනරම්ය ප්‍රේමය.

රැලි නොගැසුවොත් හොඳය.
එකල නටඹුන්ද ඉතිරි නොවන
විරහවක්ද ඉතිරි නොවන
මහත් සොම්නසකි.

අවැසි නම් ඉන්න...
අනවැසි නම් යන්න...

නොබැඳි සමුළුවකි.
දෙහදක් යාවුන.


Comments

  1. උත්තරයක් ලියන්නයි හිත!

    ReplyDelete
    Replies
    1. ලියන්න ... ඔබේ බ්ලොගයේ පල කරන්න

      Delete
    2. සමාවෙන්න , ලිඛිතාගෙ බ්ලොග් එකට යන පාර කියන්න පුළුවන්ද?

      Delete
    3. http://www.kadadasikole.blogspot.com

      Delete
  2. ප්‍රේමයෙන් මන රංජිත වේ රංජිතවේ.....

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න... ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ කියලා නේද සරච්චන්ද්‍රයන් කිව්වේ...

      Delete
  3. චැහ්... ඇයි දෙයියනේ මට කවි ලියන්න බැරි... කොච්චර උත්සහ කරත් හරියන්නෙම නෑනෙ... ඔයා ලස්සනට ලියලා තියෙනවා අරූ...

    ReplyDelete
    Replies
    1. අයියෝ මිතිල මගේ කවි එච්චරම හොඳ නැහැ.. හොඳ කවි ඕන නම් රුවන් බන්දුජීවගේ හරි ප්‍රියලාල් කොග්ගලගේ හරි කියවන්න.. අන්න කවි.. මේවා මොනාද කියලා හිතෙනවා.. ඒත් මිතිල වැඩිය හිතන්න එපා ඔයාගෙ ලිපි ලස්සනයි.. එහෙම හොඳට හැමෝටම ලියන්න බැහැ...

      Delete
  4. //අවැසි නම් ඉන්න...
    අනවැසි නම් යන්න...//

    නව්‍යතන ප්‍ර‍ේමය,කැබලි එකතු කල ඇලවූ හදවත් වලින් කාන්දු වන රාගයේ අන්‍ ස්වරූපයක් යැයි හැඟෙයි.
    සුපිරියි අරූ...
    ඔන්න මමත් අද ඉඳන් අරූගේ ලෝකයට නොදන්වාම කඩාවදින අමුත්තෙක් වෙන්නයි යන්නෙ .

    ReplyDelete
    Replies
    1. පරණ කතා එහෙම කියවන්නකෝ එහෙනම්.. ස්තූතියි සඳවතිය...මේ පැත්තට ගොඩ වුනාට...

      Delete
  5. මටත් කවි ලියාගන්න බෑනෙ මිතිල , හිතට එන අදහස් මෙයාලට දෙන්න ඕන කවි බවට පත් කරන්න

    ReplyDelete
    Replies
    1. තරිඳු ඔයාටත් කියන්න තියෙන්නෙ මිතිලට කිව්ව ටිකමයි අනේ .. ඔයාගෙත් ලිපි කොයි තරම් හොඳද මං ලිව්ව ලිපිය ඒ වගේ ලස්සන නැහැ. මටත් ඔයාගේ ලිපි කියවලා දුකහිතුනා අනේ මට මෙහෙම ලිපි ලියන්න බැහැ කියලා...

      Delete
  6. උඹ මරු බන් උබේ ලියවිලි වල පට්ට ගතියක් තියෙනවා ...... බොලොග් ලිස්ට් එකෙන් මේ බොලොග් එක හැලිලනේ කාර්මික දෝෂයක් ද කොහෙද

    ReplyDelete
    Replies
    1. මට ඕනා "රුවන් කවි" "මස් ගැල්වෙන, වෙඩිවදින ලියැවිලි" මං උත්සහ කරන්නේ ඒකට...ස්තූතියි රස්තියාදුකාරයා වර්ණනාවට.. ඒත් ඒ තරම් පට්ට නැහැ...

      Delete
    2. කවිය ව්දීම හෝ කියවීම පෞද්ගලික දෙයක් රචකායට මරු වෙනවානම් පමණක් මට මරු විය යුතු නැහැ. මට මේ කවිය ගති. තවත් විදියකින් කිව්වොත් පට්ටය.
      ඔබේ "මස් ගැල්වෙන, වෙඩිවදින ලියැවිලි" වූ කවියක් මට ගානක්වත් නැති වීමටද පුළුවන

      Delete
    3. හයියෝ හයියෝ.. ස්තූතියි රෝමා.... ^_^

      Delete

Post a Comment

Popular Posts