බලාපොරොත්තුව...



රාත්‍රියේ ඉපදුනු
පිනි බිංදුවකට බැරිද
සැංගි හිඳ හෝ විඳගන්නට
ප්‍රේමයේ මල්තුහින ඉසින 
උදෑසන හිරු කිරණ...

Comments

  1. බැරි නැත.
    එහෙත් ඒ මොහොතේම
    ලැබෙන බව විනාශය
    නොසිතෙනවා නොවෙයි.

    ලස්සනයි අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝ විට ප්‍රේමය අවසානයේ විනාශ හැර කිසිත් නැත..

      ඔබටත් ජය !!!

      Delete
    2. රාත්‍රියට උරුම
      ප්‍රේමය
      මිය යා යුතු
      අරුණෝදෙට පළමු !

      Delete
    3. ලස්සනයි ලිඛිතා...

      Delete
  2. අඳුරට පෙම් බදින පිනි බිදුව
    හිමි නැත ආලෝකය නුඹට

    ReplyDelete
    Replies
    1. කවි පදය ලස්සනයි.. ඔබේ ප්‍රථම පැමිණිම නේද... පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට ආදරෙන් ...

      Delete
    2. අහිමි ආලෝකයට නෙත් යොමන පිනි බිඳුව..
      නුඹට නොහැකිද ලඟ ඉන්න; නුඹ රකින ගණඳුරේ..

      අපූරැ නිමාණයක්. ඔබට ජය

      Delete
    3. කවිය ලස්සනයි

      Delete

Post a Comment

Popular Posts