අතීතය මනරම්..


හීතලෙන් මිරිකෙන 
වස්සානේ අග දවසක
හෙම්බත් වූ ජීවිතය
දෝතින් ගෙන විඳින
ඔබ හා දොඩමළුව
ආලින්දයේ ඇඳි පුටුව උඩ
නුඹේ උකුලේම හිඳගෙන 
වැස්ස දිහා බලන් උන්නු අතීතෙට...

සීතලම දැනී 
උහුලගන්න බැරි වෙනකොට
"කෝපි එකක්" කියා
මුව මඬල ඇල කරන..
කෝපි කෝප්ප තුන හතරක්ම ඉවරකරන
ඒ සොඳුරු අතීතෙට..

මාරි බිස්කට් පොඟවන්
කන්නවත් වෙන්නේ නැති 
ඒ තරම් සීතලක
ඒ වගේ දවසක 
උණුසුමින් බොන්න වෙන කෝපි කෝප්පෙක තරම්
කොහෙද රහ තියෙන්නෙ....

මං ආසයි ඒ මනරම් අතීතෙට.....



Comments

  1. එහෙම අතීත
    නිතරෝම හිත තලන???

    ReplyDelete
    Replies
    1. ආදරණීය සිදුවීම් ජීවිතයෙන් ඈත් උනාම දුක දැනෙනවා...
      මේ පැත්තට ගොඩ උනාට ස්තූතියි ලිඛිතා...

      Delete
  2. අපූරුයි...

    අතීතාවර්ජන...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉෂානි.. ආයේ මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට....

      Delete
  3. හරිම අපූරුයි හරි සන්තෝශයි...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැප්ටන්...

      Delete
  4. Replies
    1. ස්තූතියි මිතිල... ඔබට ජය...

      Delete
  5. ස්තූතියි තරිඳු...

    ReplyDelete
  6. මේ බ්ලොග් එකේ පරණ ලිපි හොයන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. com එකෙන් නම් වම් පැත්තේ උඩ තියනවා.. ෆොන් එකෙන් ආවා නම් වම් පැත්තේ උඩ තියන ඉරි තුන ක්ලික් කරලා label හරි achives වලින්..

      Delete
    2. මං ලිපි ලියලා නැහැ.. කෙටිකතා හා කවි තමා තියෙන්නේ.. එකම එක ලිපියක් තියනවා... ස්තූතියි අටම් මේ පැත්තට ගොඩ උනාට..

      Delete

Post a Comment

Popular Posts