Depression හෙවත් විශාදය. 01

මගේ පුංචි බ්ලොග් එක මේ දක්වාම කවි, කෙටිකතා ලියපු බ්ලොග් එකක්.. මින් පස්සේ මං බලාපොරොත්තු වෙනවා වෛද්‍ය හා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලිපි ලියන්න.. ඒක මහ කම්මැලි වැඩක් උනත් මම උත්සහ කරන්නම්.. 😊😃
###########################

මුලින්ම කතා කරන්නේ විශාදය නැත්තම් ඉංග්‍රීසියෙන් කියනවා නම් ඩිප්ප්‍රෙෂන්.. (depression) ගැන. Depression ලෝක ප්‍රජාව අතර හුඟක් සුලභ මානසික රෝගයක්. ඒ වගේම ලංකාවෙත් ප්‍රතිකාර නොගන්නා විශාල ප්‍රමාණයකුත් රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගන්නා පොඩි ප්‍රමාණයකුත් ඉන්නවා.. දිවි නසා ගැනීම්, දිවි නසා ගැනීමට තැත් කිරීම්, තමාටම හානි කර ගැනීම්(self harm)  වලින් වැඩි ප්‍රමාණයක්ම සිදු වෙන්නේ ප්‍රතිකාර නොකරන depression රෝගීන් අතර... ඒ වගේම සියදිවි නසා ගැනීම් වෙන මානසික රෝග නිසා වගේම වෙනත් ප්‍රශ්න නිසා සිදු වෙන්න පුලුවන්.නමුත් අවසාන වශයෙන් කෙනෙක් සියදිවි නසා ගැනීමට පෙලඹෙනවා නම්, ඒ කෙනා අනිවාර්යයෙන් මානසික වශයෙන් නීරෝගී පුද්ගලයකු වන්නේ නැහැ..

ලෝකයේ 2015 වසරේ පමණක් 828,000 ක් මරණ වලට හේතු වෙලා තියෙන්නෙ සියදිවි නසා ගැනීම්. ඒ වගේම ඒ ප්‍රමානය ලෝකය පුරා මරණ සිදුවීමට තුඩුදෙන 10 වෙනි ස්ථානයට පවතින හේතුව..
පහතින් පෙන්වලා තියෙන්නේ සියදිවිනසා ගැනීම් වල ලෝකයේ සංඛ්‍යාත්මක වශයෙන් ව්‍යාප්තිය. බලන්න ලංකාව ඉහල මට්ටමේ සියදිවි නසා ගැනීම් පවතින රටක් නේද කියලා.. සියදිවි නසා ගැනීම් ගැන මීඩියා වල පෙන්නුවට අවශ්‍ය වෙන්නේ ඒවා වලක්වා ගැනීම. අවාසනාවට ඒ පිලිබඳ වත් කිසිඳු තැකීමක්, දැනුමක් නැති මීඩියා ලංකාවේ තියෙන්නේ...


දැන් බලමු අපි depression ගැන...
Depression  කියන්නේ mood disorder එකක්.. ඒ කියන්නේ මනෝභාවය ආබාධ වීමක්... 
ඒ වගේම සුලභ, බරපතල රෝගයක්..
ඒ රෝගය තමාට දැනෙන, හිතන, තමන් හැසිරෙන ක්‍රමයට සෘනාත්මකව බලපානවා. ඒ වගේම විශාදය ප්‍රතිකාර වලින් සුවකරන්න පුලුවන්...
විශාදය ශෝකජනක සිතුවිලි නිසා හෝ/ හා කිසිම දේකට කැමත්තක් නැති වීම නිසා ඇති වෙන්න පුලුවන්.. Depression චිත්තවේගි හා කායික ගැටලු ඇති කරමින් එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට නොහැකිවන සේ බලපෑම් ඇති කරනවා...

Depression වලට හේතු වන කරුණු විදියට පහත  කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්..

  1. Abuse / අපචාර- ඒ කියන්නේ මානසික,ලිංගික, ශාරිරික හෝ චිත්තවේගී (emotional) යන ඕනම ආකාරයක් බලපාන්න පුලුවන්..
  2. ජීවිතයේ සිදුවන විශාල වෙනස් වීමක්- විවාහයක්, දික්කසාද වීමක්, නව රැකියාවක්, ප්‍රේම සම්බන්ධතාවක් කඩා වැඩීමක්. වගේ දේවල් නිසාත් depression හැදෙන්න පුලුවන්...
  3. මරණයක් හෝ වෙන්වීමක්.. ලඟම කෙනෙක් මරණයට පත් වුනහම depression  හැදෙන්න පුලුවන්. ඒ වගේම මෙයටත් විරහව ඇතුලත් කරන්න පුලුවන්.
  4. ජානමය හේතුමත.. ඒ කියන්නේ බොහෝ විට මානසික රෝග හැදෙන්න ජානමය බලපෑම  තියනවා.. මානසික රෝග තියන කෙනෙක් ඉන්නවා නම් පවුලේ බොහෝදුරට පවුලේ තව කිහිප දෙනෙක් ඉන්න පුලුවන්.. ඥාතීන් වන...

දැන් බලමු රෝග ලක්ෂණ මොනවද කියලා...
  • දුක්බර බව
  • කිසිඳු බලාපොරොත්තුවක් නැති බව
  • වැරදිකාරී හැඟීම් සහිත වීම
  • හුදෙකලා බව
  • කිසිඳු වැඩක් පිලිබඳ සතුටක්, අවශ්‍යතාවක් නොමැති වීම
  • කිසිඳු දෙයකට අවධානය යෙදීමට නොහැකි වීම
  • තීරණ වලට එලඹීමට නොහැකි වීම
  • තමාට හානි කර ගැනීමට සිත් වීම
  • සමහරක් විටෙක delusion හෝ/හා hallucination ඇතිවීම. (Delusion  හා hallucination පිලිබඳ පසුව විස්තර කරන්නම්...)
  • එදිනෙදා වැඩ කටයුතු අතපසු කිරීම
  • මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම
  • ශක්තියෙන් අඩු වීම
  • ශාරිරික වේදනාවන් ඇති වීම.
  • ආහාර රුචිය අඩුවීම
  • ශරීරය බර ක්‍රමයෙන් අඩුවීම.
  • නින්ද අඩුවීම.( සමහරවිට නින්ද වැඩිවීමද සිදුවිය හැක.)
  • ලිංගික කටයුතු එපාවීම.
 මෙවැනි රෝග ලක්ෂණ සති දෙකකට වඩා නොකඩවා ඇත් නම්, ඒ පුද්ගලයා මනෝ වෛද්‍යවරයෙක්‍ට හෝ අවම වශයෙන් මනෝ උපදේශක කෙනෙක් සඳහා යොමු කිරීම වැදගත්... ඉතින් ඊලඟ ලිපියෙන් මම විශාදයට අදාල ප්‍රතිකාර කතා කරන්න බලාපොරොත්තු වෙනවා..


ස්තූතියි මගේ ලිපි කියවපු ඔබට.. 

Reference
https://en.m.wikipedia.org/wiki/Suicide
http://www.depressiontoolkit.org/aboutyourdiagnosis/depression.asp
https://www.psychiatry.org

Comments

  1. ලිපි ලියන්න ගත්ත එකට ගොඩක් හොඳ තීරණයක් අරූ... කම්මැලි වෙන්න එපා ලියන්ට... හොද ලිපියක් මේක...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මිතිල කතාවක් ලියනවා වගේ නෙවේ, ඒක මට කැමති විදියට ලියලා ඉවර කරන්න පුලුවන්.. ලිපි ලියනකොට අනික් අයට තේරෙන්න, හරිම දේ ලියන්න ඕනා.. කියවන්නත් ඕනා විස්තර.. කම්මැලි වැඩක්.. කලිනුත් ලියලා මං බාගෙට නවත්තපුව තියනවා.. කොහොම වුනත් මං ලියන්න හිතන් ඉන්නව ලිපි දිගටම... හුඟක් ස්තූතියි දිරි ගැන්වීමට...

      Delete
  2. හොඳ ලිපියක් අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමි.. මේ පැත්තට කාලෙකින් ආවේ..

      Delete
  3. හොඳ විස්තරයක් ,ඊළඟ කොටස තවත් වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට....
      වැදගත් කරුනු ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා...
      කියවන්න එන්නකෝ...

      Delete
  4. ලිපිය බොහොම හොඳයි.

    මම නම් යෝජනා කරන්නේ සම්මිශ්‍රණයක් ලියන්න කියල. එයත් වෙනම රසයක්. එක පැත්තකට විතරක් බර නොකර මධ්‍යම ප්‍රතිපදාවෙන් ගියොත් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. කතා, නම් ලියනවා... ඒකටනේ මං බ්ලොග් එක පටන් ගත්තෙත්... ඒ වුනාට මං මානසික රෝග ගැන වැඩිපුර කතා කරන්න කැමති.. මොකද ලංකාවේ මානසික රෝග සාක්ෂරතාව (mental health literacy) හරිම අඩුයි... ඒක පොඩ්ඩක් හරි වැඩි කරන්න මං උත්සහ කරනවා...ඊට අමතරව මං දකින දේවල් ගැන කතා කල යුතුයි හැඟෙනවා නම් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.. ඒත් ලියන්න කම්මැලි මේ වගේ ලිපි. විස්තර හොයලා ලියන්න එපැයි..ස්තූතියි ලිඛිතා...

      Delete

Post a Comment

Popular Posts