ප්‍රේමය වූ කලී.....
ඔබ සිත් අහසින් පලවා හරින්නට..
මතක තරු එකින් එක පුලුස්සමි...
දැන් අහවර යැයි අහසට කියමි...
පොලවටම වී බලා හිඳිමි....
පිලිස්සුන තරු වුවද එලිය දෙන බැව්
අමතකව සතුටින් විසිමි...
ආයේ තරු දහසක්ව
මතක ගව් ගණන් එලියදෙයි.
මා රාත්‍රියේදී ඒ එලියෙන්
නැහැවී නැහැවී බමමි...
සිර කුටියක යැයි සිතා
මේ ප්‍රේමය විසර්ජනය කරන්නට සිත් වෙමි...
ඔබ එපා යැයි සිතට ගර්ජනා කරමි..
ඔබටද රවමි.. බනිමි...
ඔබ නොමැති ඉසව්වක් සොයා ඇදී යමි..
සිත නිහඬ වන්නේ සැනකිනි..
යලි අහම්බෙන් යැයි සිතා
ඔබේ ගැවසීමට හසු වෙන්න වෙර දරමි...
සැනෙන් මා හසු වෙමි...
ඉදින් මේ කුමන විජ්ජාවක් දැයි මම සිතමි...
"ප්‍රේමය" වු කලී මේ ලොවෙහි විසල්ම විජ්ජාවයි...
ලස්සනයි අරූ...
ReplyDeleteස්තූතියි මිතිල...
Deleteඑහෙමමත් නැතිය...
ReplyDeleteඑහෙනම් ලියමු බලන්න ලිඛිතා
Deleteහැබෑමයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී...
Delete