ඇත් රජුනි, නුඹට.....
ලෙහෙන් කුලෙන් සසර මඟට පිලි පන්න.
කෙලෙස් පිරෙන් සසර අපා ගත වෙන්න.
පෙමෙන් කෙලෙස බවුන් වඩා බුදු වෙන්න.
සහස් භවක් අවැසි මට නුඹෙ වෙන්න.
දුරු ලැහැබේ පිපි මල් කැකුලියක හිඳ
මරු කතරේ මරු වල් පැටලුනා වෙද
තරු අඹරේ අමාවකත් පැමිනියෙද
තරු නුඹගෙ නෙත් මඟ හැර කෙලෙසකද
සත් සමුදුරු පීරාගෙන ආව නියා.
තරු මැදුරෙන් හීන හතක් මැවී ගියා.
ඇත් පැටවකු නෙළුඹු පතක තියා පියා.
හිත් සතොසින් සුබ පුවතින් පිරී ගියා.
කෙත් වපුරනු නුඹ වෙනුවෙන් කීව නියා.
පල දරනුය නුඹ වෙනුවෙන් දරනු නියා.
නෙත් ගනඳුරු නොකෙරෙම් සෙනෙහසින් වයා.
සත් සමුදුරු කලඹා නුඹ රකිමි නියා.
පෙර කල් සහස් භවයන්ගෙත් පෙරුම් පුරා.
පෙම සස් කලක් සුරැකුවේ මම් ළයෙන් දරා.
පල ගත් රුකක් වී කුස යහනෙන්ම වරා.
දල ඇත් රජුනි ඇත් පැටියෙක් පුදමි දරා.
අරූ. වටිනාම කවි ටිකක් කියවන්න ලැබීමත් සතුටක්.
ReplyDeleteරහට පද ගැළපිලා.
ජයවේවා!!!
ස්තූතියි දුමී... 😊😊😊
Deleteමේක නියමයි.
ReplyDeleteස්තූතියි හොඳේ 😘
Deleteලස්සනයි අරූ ++++++
ReplyDeleteස්තූතියි මිත්‍ර වර්ණ...
Deleteහරිම ලස්සනයි අරු
ReplyDeleteලස්සන වචන ටික
ස්තූතියි ඉෂානි 😘
Delete+++++++++
ReplyDeleteඑලි සමය.... 👍👍👍
ReplyDeleteස්තූතියි
Delete