අම්මා
අහසින් බැස්ස තරුවකි ආලෝකය දුන්නේ.
පොලවින් රැක්ක තුරු වදුලකි බර දැරුවේ.
සෙනෙහෙන් පිදුව ප්‍රේමය හදවත පතුලේ.
කවියෙන් මනින්නේ කෙලෙසක දිය සයුරේ.
ලෙයෙන් කිර දොවා දරු රක්ෂා කෙරෙනි.
සඳින් සඳ මුදා එලි කරලන සෙනෙකි.
ගලින් ගල මුදා හැර රැකගෙන වෙසෙසි.
කවියෙන් කවිය ගුණ වරුසාවක් පබැඳි.
නෙතින් නොහෙලු කඳුලැලි හදවත පතුලේ.
ගතින් පිරුනු ඩා බිඳු මිහිකත සිම්ඹේ.
සතුන් රුපුන් පිරි වන ලැහැබක මැද්දේ.
නෙතින් නොහැර රැකුවේ ප්‍රාණය ලෙසිනේ.
දෑත හොවා, වැටෙනා සඳ වාරුව වීලා.
හිස සිඹ කඳුලු පිසලා දිරියම දීලා.
උරහිස හොවා හඬනා විට සවියම වීලා.
අත අත නොඇර අඳුරෙත් සෙවනැල්ලම වීලා.
රකුස් පද ගිලිහුනද නැත ප්‍රේමය සිඳුනේ.
සසුන් ගත වෙන්න ඉවසීමය රැඳුනේ.
පසේ බුදු වෙන තරම් පින් බල මහිමේ.
සසර මග මවුනි නුඹ මතු බුදු වන්නේ.
ඒක හරි අපූරුයි අරූ අම්මා ලෝකෙ තියෙන ලස්සනම වචනය
ReplyDeleteස්තූතියි සඳවතී
Delete