නුඹ, මම හා ප්‍රේමය


අතොරක් නැතිව සිඹින..
අතරමඟ හිත හිතාම සපින..
මගේ දෙතොලඟ
නුඹේ ප්‍රේමය...

නොලියවෙන කවි ලියැවුන..
අතික්‍රමනය කල වේදිකාව...
පිටුපස සැඟව දිරිය දුන,
සවිය, නොවෙද මම...

ලී කැටයමක දළුලන..
නුවර යුගයේ පෙම් යුවල...
අප දෙදෙන නොවෙද
නුවර අහස යට තවම අප...


Comments

  1. ප්‍රේමයක් නම්
    නුවර අහසක්ද ඇතිනම්...

    තව - කවර නම් උපමාද
    මනරම්!

    ReplyDelete
    Replies
    1. නුවර අයට එහෙමලු... පරණ මතකත් මතක් වෙනවලු...

      Delete
  2. එක්වරම හිතට එන
    යළිත් කිසිවක් නොදොඩමින් යන
    මහා පුදුම සෙනෙහෙ වෙනුවෙන්
    තවමත් බලාගෙන අප දෙදෙන.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවිකාර දුමී.. ඔබටත් ජය...

      Delete
  3. කාන්තා පාර්ශවය නුවරට ගොඩක් කැමැති වගේ කවි වල කතා වල නොඅඩුව නුවර හම්බෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නෑ.. නුවර හරියට භාවිතා කරනවනේ.. ඒ නිසා නිරායාසයෙන් ඒ වචනේ ආවා මටත්.

      Delete

Post a Comment

Popular Posts