මතක
ලා පාට මත වැතිරූ
චුම්බන හුඟකි මහරූ
තනිකමෙන් පිරුනු
මතක රිදවයි කුරිරූ..
මහ හඬින් ගිගුරූ
අහස් ගඟ හැඬවූ
එහෙත් කඳුලම
පතයි සොඳුරූ
සුසුමන්ද මැතිරූ
මහ බරට මිරිකූ
අකම්පිත එලි වු
මහ හඬින් ගිගිරූ..
හඳත් අහසේ සැඟවූ
පිපිරිය යුතුවු අකුණු
පිපිරි යන්නේ සැනහී
හදවතේ නොවෙද කඳුලු
ලස්සනයි අරූ. අන්තිම කවියේ තුන්වෙනි පේළියේ "සැනහී" වචනය වෙනුවට "ඌ" වලින් නිමාවෙන වචනයක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා.
ReplyDeleteජයවේවා!!!
බලහත්කාරයෙන් ලිව්ව කවියක් නම් එලිවැට ආරක්ෂා කරනවා.. මේව නිකමට ලිව්ව කවි..ස්තූතියි දුමී අදහසට... ඉදිරියේදි එලිසමය ආරක්ෂා කරපු කවි පල කරන්න ඉන්නේ...
Deletehmmmm
ReplyDeleteහ්ම්ම්
Deleteහැමදාම වැටවල් ඇයි අප්ෆා..
ReplyDelete