කියුටෙක්ස්

"ආයෙත් කියුටෙක්ස් ගාන් එනවාද.."
ඔයා එක පාර ඇහුවේ එහෙම. මට මතකත් නෑ කියුටෙක්ස් ගාපු දවසක්.. මං එච්චර ආටෝප කරන කෙල්ලෙක් නෙවේ... අපි හම්බුන අන්තිම දවසට කලින් දවස.. (අන්තිම දවස අද.. කලින් දවස මගේ මතකයේ නෑ.. සමහර විට සති තුනක් නැත්තම් මාසයකට විතර කලින් දවසක්.) එදා මං හිටියේ කියුටෙක්ස් ගාන්.. ඒක මං නෙවේ ගෑවේ.. මගේ යාලුවා.. සිතුමි... සිතුට කියුටෙක්ස් කලර්ස් සෙට් එකක්ම තිබුනා..
මං ආසාවට කිව්වා මගෙත් ගාන්න ඕනා සිතු කම්මැලී කියලා.. සිතු මට බැන්නා කම්මැලි නොවි ස්ටයිල් කරන්න ඕනා කෙල්ලෙක් වුනාම කියලා.. ඉන් පස්සේ ඒකී කලේ මගේ කකුල් දෙක හෝදන් එන්න කියලා හොඳට රෙදි කෑල්ලකින් වතුර පිහිදලා කියුටෙක්ස් ගාපු එක..
ඉන් පස්සේ දවසක මගේ මොනව හරි වැඩක් කර ගන්න තිබුනා කොටුවට ගිහින්.. මං කලින් රෑ එයාගෙන් ඇහුවා එන්න පුලුවන්ද කියලා.. එයාට පුලුවන්කමක් තියේ නම් නෑවිත් ඉන් නැති බව මං සහසුද්දෙන්ම දන්න නිසා මං බය නැතුව  එයාට මට තනියෙන් කරගන්න බැරි හුඟක් දේවල් වලට කතා කලා..
එදා එයා ඇවිත් හිටියේ කොටුව ස්ටේෂන් එක ළඟට.. මං එක්ක මල්වත්ත පාර දිගේ ඇවිදලා මගේ වැඩේ කරගන්න උදව් කලා.. ඉන් පස්සේ මාව මොරටුව බස් එකට ඇරලලාමයි එයා ගියේ.. ආරක්ෂා කරන්නේ දැනෙන්නම වගේ.. සමහරවිට එයා 138ක නගින්න ඇති තුම්මුල්ලෙන් බහින්න. නැත්තම් ගෙදර යන්න, කොටුව ස්ටේෂන් එකට යන්න ඇති.. එයාගේ ගමන් මං දැනන් හිටියේ නැහැ. අහන්න වුවමනා වුනෙත් නෑ...
එදායින් පස්සේ අද...
මං ගියේ නුගේගොඩ නෝලිමිට් එකට ඇඳුම් කිහිපයක් ගන්න... ඉන් පස්සේ හෝල්ට් එකේ හිටියේ 17ක් එනකම්... මයිලෝ එකක් කටේ ගහන්, බඩගිනි නිසා.. එයා ආවේ හම්පඩ වුන ස්කෝලේ ටී ෂර්ට් එකක් ඇඳන්.. අද වෙනකොට ස්කොලෙන් අවුට් වෙලා අවුරුදු තුනකටත් වැඩී.. ඒත් තාම පරණ වැරහැලි වුන ස්කූල් ටී ෂර්ට්  එකට තිත තියලා නැහැ... මට එයාගේ ඇඳුම් ගැන දැක්කම දුක හිතුනා.. ඒත් මට අදාල දෙයක් නෙවෙයි නිසා මං ඒ ගැන වැඩිය හිතුවේ නැහැ...
මං එක්ක හිටියා නම් මං එයාව කොහොමහරි ලස්සනට අන්දනවා...
ඒවා ගැන හිත හිත ඉන්නකොට එයා ආවේ....
"කොහොමද ඉතින්...?"
"නරකක් නෑ.."
"තාම මේ ෂර්ට් එක අඳිනවද..?"
"හ්ම්.. ඔයාලට වගේ අපිට ඇඳුම් ගන්න සල්ලි නෑනේ.."
"සල්ලි තිබිලා නෙවෙයි ඇඳුම් ගන්නේ.. අඳින එක හොඳට අඳින්න... මැරෙන ජිවීතේ ඉන්න කාලේ සතුටින් ඉන්න එපැයි.."
වැඩක් නැති ඇඳුම් කතාවක් අස්සේ 17ක් ආවා.. මං බස් එකේ නැගලා ආවා...
ඉන් පස්සේ එයා කොහේ ගියාද, මොනවා කරාද දන්නෙ නැහැ...
ඒත් නිදා ගන්න හදද්දිම ආපු මැසේජ් එකට මාව ආපස්සට ඇදුනා..
"ආයෙත් කියුටෙක්ස් ගාන් එනවද"

12 comments:

  1. බිම්බෝම්බ කලාපෙකට යනවා වගේ මම පපුව ගැහි ගැහි කියෙව්වේ...... මොකද කියනවා නම්...

    එකක් තමයි මගේ හිතේ තියෙන ලියන්නම කියලා හිතෙන ( ඒ උනාට නොලියම ඉන්න බල කරන) කතාවක ප්‍රස්තුතය අරූ අල්ලගෙනදෝ කියලා බය උනානේ

    අනිත් එක තමයි - කියුටෙක්ස් එක්ක අවුලක් තියෙනවා මට... ඒක එහෙම තමයි

    ReplyDelete
    Replies
    1. ලිඛිතගේ ප්‍රස්තුතය මොකද්ද කියන්නකො බලන්න...

      Delete
    2. අපි අහුවෙයි ඕවට! කියන්නෙම නැහැ.. මට පෝස්ටුවක් තලාගන්න තියෙන එක නැතිකරන්නද හදන්නේ?
      :-p

      Delete
    3. එහෙනම් ඉක්මන්ට තලන්නකෝ අප්ෆා

      Delete
  2. කියුටෙක්ස් හෑ.........

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කියුටෙක්ස්..

      Delete
  3. හත්වලාමේ මට මේ බ්ලොග් එක හැමදාම මිස් වෙනෝ බැලින්නම් මම මේ වෙන එකක් එක්ක පටලෝගෙන . දැන් හරි ආයෙත් මිස් වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. said...
      අනේ ඔන්න කිව්වා, පීස්.. අහිංසක මාව ආයෙත් නම් පටලෝ ගන්න එපා.. මාව
      සඳවතිගේ බ්ලොග් ලිස්ට් එකට දාගත්තනන් ඕං හරි..

      September 20, 2017 at 12:32 PM

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  5. අපිටනන් ඔය කියුටෙක්ස් ප්‍රස්න නෑ.... නියපොතු දිගට වැවිලි නෑ.... ටිකක් වැවුනත් කපනවා ආයෙ මට්ටම් ලෑල්ල වාගෙ... කිසි හැඩයකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. හැඩේට කපලා කියුටෙක්ස් ගාමු එහෙනම්... හික්ස්..

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...