කෘෂ වේදය


    

කෘෂ වේදය අතිශය සංක්ෂිප්තව මෙසේ වන්හ...
යටගිය දවසැ මහෝදය නම් නිරිඳකු රජකම් කරන සමයෙහි හේ තෙමේගේ දියණියන් වහන්සේ මහත් රුජාවකින් පෙලෙන සේක... නිරිඳානෝ රාජ්‍යයේ සුපතල වෛද්‍යාචාරින් අමතා සංදේශයක් යැවූහ.. එය මෙසේ යත් සිය දියණිතොමෝ දසවසක මුළුල්ලෙහි පෙලෙන රුජාව නස්නය කරනු පිනිස මහත් ආනුභාව ඖෂධයක් ලබා දෙන වෙද දුරෙක් ඇත් නම් මහා සම්පත්තීන් පිරි නමා යොදුන් හාර ලක්ෂයක නින්දගම් පවරණවා යැයි අසුන් පත් කෙටවීය...
නමුත් සියලු වැසියන්ගෙන් දියණිතොමෝගේ රුජාව වසන් කරලීමට නිරිඳානෝ වෙහෙසි වූහ..

සතර දිශා වල්ලෙන්ම දස දහස් වෛද්‍යාචාර්ය වරුනු මම නස්න කරලමියි, මම නස්න කරලමියි කියමින්... අවුන් පත් එවූහ..
නමුත් රජාණෝ විසින් සිය දියණි තොමෝ ප්‍රථමයෙන් මුන ගැස්වීමට උකටලී නුවූයහ. ඉදින්, රජාණෝ තමාගේ නින්ද සැපවත් කරවීමය මහානුසම්පන්න ඖෂධයක් ලබාදෙන මෙන් ඉල්ලීය..

ඉක්බිති කිසිඳු වෛද්‍යාචාරි කෙනෙකු රජාණන්ගේ නින්ද සැපවත් කිරීමට කෞෂල්‍ය නුවුහ.
ඉදින් මහ රජාණෝ ඒ වෛද්‍යාචාරින් සිය දහසක්ට මඳක් වැඩියෙන් පිරිසක්ම නැවත හරවා ඔවුන්ගේ ගම්බිම් බලා යැවූහ.
අවසානයේ නිරිඳානන්ට මහත් පල ජීවකයාණන් තොමෝගේ ගුණ සම්පත්තීන් අසන්නට ලැබිණි.. සකලවිධ ප්‍රකට මහත් පල සහිත වූ ජීවකයානන් සොයා නිරිඳානෝ අසුන් පත් යැවූහ.. අනතුරුව ජීවකයාණෝ මාලිගාවට පැමීණීයෝය.. නිරිඳානෝ තමාගේ හිසේ රුජාව ඉවතලා, ජීවකයානන් කැඳවා මෙසේ තෙපුලහ..
"මාගේ දියණියගේ සදාතන මහත් වූ අග්නි ජාලයක් කුසහි හට ගන්නා ලදුව දියණි විසින් අමාශයෙහි හිඩැසැක් හෝ ශේෂ නොකරමියැ සිතින් එකත් පස්ව පොරොන්දු වෙමින් පූරණය කරන මහත් භෝජන සංග්‍රහය ආමාශයේ විනිවිද රුහිර ධාතුවට වැඩම නොකොට ආහාර මාර්ගයෙ අවසානයෙන් පිටතට සැපැත් වන සේක.. ඉදින් සදාතන දියණියන් ඉතා කෘශව හිඳින්නාය. මේ සා කෘෂ භාවය සහේතුකව දියණියන්ට විවාහ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප වන්හ, ඉදින් මෙයට සුදුසු පිලියමක් වන්හේ නම් යුහුසුළුව කිව මැනව, එතකින් ඔබට මහත් සැපසම්පත්තීන් පුදලමි."

දියණියන් පරික්ෂා කොට බලා ජීවකයාණෝ් මෙලෙස තෙපුලහ.
"දියණියගේ කිසිඳු නිදානගත රෝගයක් නොමැති බැවින් පිලියම් නොවේ.. ආවාහ විවාහ කරදීමෙන් දියණියන්ගේ කෘෂ භාවය ශේෂ නුවනූමය..එතකින් දියණියන් කෘෂ නොවී මහත් විසල් ශරීරයක හිමිකාරියක් වන්නීය.."
ඉකිබිති, රජු දියණිගේ විවාහය සඳහා සුදුසු කුමරෙක් සොයා නැවතත් අවුන් පත් යැවීය. නැවත නැවතත් සිදු වූයේ සියල්ල ඵල රහිත වෙමින් විවාහ යෝජනා ප්‍රතික්ෂේප වීමය.. ඉදකින් නිරිඳානෝ මෙන්ම දියණියෝද විඩාවට පත් වූහ..
ජීවකයාණන් තරුණ හෙයින්ද, තවමත් ආවාහා නුවුනු  බැවින්ද, නිරිඳානෝ ජීවකයානන්ගෙන් සිය දියණි විවාහ කර ගැනීමට වදන් ඉල්ලුවේය.. ඉදකින් ජීවකයාණෝ දුර්ධරව විපලිසර භාවයට පත් වූවෝය.. නුමුත් ජීවකයානන් තමාට නුසුදුසු කුමාරිකාවක් නුවූයෙන්, පිලිවදන් දුන්නේ සිය කැමැත්ත ප්‍රකාශ කරමිනි...
අවසානයේ ජීවකයානන් විසින් කුමරිය සරණපාවා ගැනීමෙන් අනතුරුව කෘෂ භාවය ශේෂ නූවීය. එතකින් කෘෂ වේදය නිමාව දක්නා ලදහ...
=======================
මගේ පිස්සු කතා කියවන ඔබට තුති... 😂😂

Comments

  1. හුටා..! රුජාවක් කිව්වා????? අන්තිම දරුණු තත්වයක්නේ..

    ලියුම නම් පැසසිය යුත්තේ, මට මෙහෙම ලියන්නට බැරි හින්දාය. තව ලියමු වෙන ෆ්ලේවර් එකකිනුත්

    ReplyDelete
    Replies
    1. හා හා ! ස්තූතියි පැසසුමට..ඔය රුජාව හෙන ලොකු ප්‍රස්නයක් හරිය..

      Delete
  2. පිස්සු හැදෙයි 😌😌😌

    ReplyDelete

Post a Comment

Popular Posts