ඉහින්න සඳ අම්මගේ වතට...

රෑ ගගන අමාවක හුඟක් දවසට වුව
අම්මගේ වතේ මෝදු වෙලා තිවුනේ සඳ
පෝදාවල් පමා උනත් හරිහරියට
අපේ පැල්පතේ හැමදාම පාලොස්වක

දවසක් තාත්තා බීගෙන ඇවිත්
ගිලිහුන අන් ළඳකගේ නම
වැඩි කලේ අම්මගේ හදවතේ ගමන
අන්තිමට වුනේ නවත්තපු එක අම්මා රෝහල් සයනයක.

ඉහින්න සඳ අම්මගේ වතට
ඔය ඔහේ ඉහිරෙන වතුර
ගෙනෙන්න ඉක්මනින් අටකවත්
අමාවක වැඩි නොවැ මේ තරමට

දුටුව හීන මල්ලේ තිබුනේ දරුවන්ගේ හිනා මල් කළඹ
අම්මගේ කඳුලු මල් දසදහස් ගණන් මැදින්
පියා අතැ'රුන දරු දෙදෙනා එක්ක
අම්මා ආව දුෂ්කර ගමන අවසාන වුනේ ඉඩෝරෙක

ලොකු පුතාගේ ලේ පුදුකුඩිරිප්පු වෙලක.
පොඩි දුව කුස යහන දුන්නේ තිරසනකුගේ පුතෙකුට.
මේ ගෙවන මැදිවියේ ලොකු කෙල්ල ළඟදි දවසක
අම්මා නැති අවජාතක පුතෙකු එක්ක තට්ට තනියම.

ඉහින්න සඳ අම්මගේ වතට
ඔය ඔහේ ඉහිරෙන වතුර
ගෙනෙන්න ඉක්මනින් අටකවත්
අමාවක වැඩි නොවැ මේ තරමට

Comments

  1. අරුගේ ලෝකයෙ අරූට, අරූගේ අඩවියේ අරූගෙන් සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ ^_^
      මෙලෙස නැවත ගොඩ වෙලා යන්න එන්න.

      Delete

Post a Comment

Popular Posts