පිලිස්සුණු ප්‍රේමය


කෙඩෑරී ගිය දෙරණත කුලුදුලේම වට වස්සානයට ප්‍රේම කරන්නට ආශාවෙන් උන්නු රුක් දෙවඟන නයිට්‍රික් ඇසිඩ් වලින් නැහැවා පිලිස්සු ප්‍රේමය ගැන ලියන්නට සිත සසුන් කරවා ගැනීමට නොගත් උත්සහයක් නැත. කටොර කාශ්ටක වු හැඟීම් උත්සර්ජනය තෙරපා පොඩිකරලා, මෙලෙස ලියන්නෙමි.එහි සැබෑ සත්‍යතාව නොවලහා ලියන්නට පොරොන්දු වෙමි.
ඔබ මහා ග්‍රීෂ්ම ඍතුවේ වස්සානයක් ලෙස ආවඩා ග්‍රීෂ්මයට වඩා උත්කෘෂ්ට වේදනාවෙන් මා ඔත්පල කල අශිෂ්ට ප්‍රේමවන්තයා යැයි මම මෙලෙස හංවඩු ගසන්නේ කැමැත්තෙන් නොවෙමි. නමුදු සත්‍යය පවසන්නට මගේ පොරොන්දුව නිසා එලෙස හෝ ඔබව හඳුන්වා දෙමි. මතක ගඟුල සිසාරා ආවඩන වස්සන ප්‍රේමවන්තයානෙනි, ඔබේ හා මාගේ ප්‍රේමය බලහත්කාරයෙන් අමතක කරලන්නෙමි. නමුදු එය දැරීමට අපහසුම  ලය දෙදරවා රිදුම් දෙන ශුංගාරයත් පලවා හැරු විසල් වේදනාව වේ..
රුක් දෙවඟන වු මම, මා තුල අරක් ගත් දිව්‍ය රාජයා පලවා හැරු හිතුවක්කාරකමට හා අකාලික වස්සනායකට සිත උමතුව ප්‍රේම යාතිකා ගැයු අඥානකමට විඳවන්නෙමි.
කේසර සිංහයකු සේ මහා තේජසින්ද, පිල් විදාලු මොනරියක සේ අලංකෘතවද පීදී අතු පතර විහිදී මේඝනදී තරණය කල මහා වෘක්ෂයෝ දැන් කෙඩැරීව මහා අපුලක් දැනෙන තරමට අවලස්සන වූයෙන්, ලඟ ලඟම වස්සනයකට අතවත් වන්න හිමිකමක් නැත්තේය.. ආයෙත් නොඑන වස්සානයක සිහිනයක්වත් නොපෙනෙන තරමට දේදුන්නක සේයාවක් නැත්තේය.අතු අතර පිපුනු ආදර පල දරන්නත් කලියෙන් ළපටි මල් කැකුලුවන් ප්‍රේම ධාරවෝ නයිට්‍රික් පහසින් පොර බදා අවසන් හුස්ම වීරියෙන් යුතුව ඉව කරති.
යලි නේන වසන්තය පිලිබඳ සිත් තැවුලින් ගෙවෙන අවසන් හෝරා නිමේෂයෙහි මට කිසිඳු අවසන් ඉල්ලීමක් නොමැත.. ඔබ මෙය නොකියවන වග දනිමි.. හුදී පාඨකයාගේ සිත් සතොස් කරලීමට නොව, මසිත තැවුල් සමනයට පමණක් මෙය මෙසේ ලියන්නෙමි...
කෙමෙන් කෙමෙන් වියැකී යන ප්‍රාණය නිරුද්ධ වු වහාම නැවත නයිට්‍රික් ඇසිඩ් වත් කොට පුලුස්සා නොදමන්න යැයි මම තරයේ නොඉල්ලමි. නමුදු, ඔබට කැමති තීරණයක් ගැනීමට අවසර දෙමි. ඔබ අවසරයක් අනවැසි බව පවසමින් ප්‍රතිපිලිතුරු දෙන්න බව දන්නා මුදු, මගේ මිය යන හදවත යලිත් වරක් ඔබ ගැන සැලකිලිමත් වන බව හෝ දැනෙන්න එලෙස ලියා තබමි..
වා ධාරව මත රැඳි නයිට්‍රජන් ඔක්සයිඩ්, ඔබ විසින් උකහාගෙන මා මත හෙලු බව මම කෙලෙස විශ්වාස කරම්දැයිද මම නොදනිමි.
පොසිල ඉන්ධනයක් ලෙස ඉපදීමට ඊළඟ උත්පත්තිය ප්‍රාර්ථනා කරන්නට සිත ඉල්ලා සිටියද, හදවත තවම ඉව කරන්නේ ඔබේ ප්‍රේමය පමණි යැයි, නිර්ලජ්ජිතව පවසමි.
යලි සසරගත බැඳීමක් ඉතිරිව නියත විවරණ ලබන්නේ නම් ඔබේ ප්‍රේමය විස නොවන විවරණයක් පතමි.


Comments

  1. හොදයි හොදියි බොලොගර් ෆලෝවර් එක දාගන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්තියාදුකාරයට ^_^

      Delete
    2. බොලොග් ෆ්ලෝවර් එක නැතිව ෆ්ලෝ කරන්න බෑනෙ බන් අපිට. ඒ නිසා බොලොග් ෆ්ලෝවර් එක දාගන්න

      Delete
    3. හරි රස්තියාදුකාරයා මං follow කලා. ස්තූතියි

      Delete
    4. නෑ නෑ මාව ෆලෝර් කරන්න කියල නෙවෙයි කිව්වෙ.ඔයාව ෆ්ලෝර් කරන්නයි බෑ කිව්වෙ.ඔයා ඒ ගැජ්ට් එක එල්ලලා නැති නිසා.ඔයත් ඒ ගැජ්ට් එක දාගන්න.තේරෙන් නැත්තම් මේකට romanthikarasthiyadukaraya@gmail.com මේල් එකක් දාන්න.

      Delete

Post a Comment

Popular Posts