කෙටි කතා අහුර සමඟ මං

බාගෙට වැඩ ඉවර කරපු කවි කතා නම් හුඟක් තියනවා...
ඒත් මට හිතුනා ආයේ  කවියක් හරි කතාවක් හරි නොදා වෙනස් වැඩක් කරන්න. (හැමෝම ජාමේ බේර ගන්න මේ දවස් වල කරන උප්පරවැට්ටිය තමා ඉතින්..)
බ්ලොග් කියවන මගේ ෆ්‍රෙන්ස්ලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.. ඔයාල මගේ නොකියවපු කියවපු හුඟක් කෙටි කතා ඇති. මං මගේ කෙටිකතා  ටිකක් ලින්ක් කරලා මේ පොස්ට් එකෙන් පල කරනවා.. ඒවා නොකියවපු අය කියවපු අය ආයෙත් කියෝලා රස විඳින්න... මගේ අඩු පාඩු කියන්න කියලත්...
පෝස්ට් එක පාලුවට යන නිසා කවියකුත් දානවා ඔන්න.. ඒ සැප් 19 වෙනිදා කාංචනා අක්කා මගේ කවියක් දිනමිණ වසත් සුළඟ පිටුවේ පල කරන්න තෝර ගෙන...  ඒක තමා මේ ෆ්‍රෙන්ස්... ස්තූතියි කාංචනා අක්කේ....

මල්..
නිද්‍රාගත ප්‍රේමය
මුදා හරින මොහොත
මේ විසල් නිහඬතාව රජයන රාත්‍රිය...

ඔබත් නැති හුදෙකලාවක
ලියන අකුරු මැද
රජයන්නේ කඳුලු මල්...
හිනැහෙන්න දඟලන්නේ ඒ අහිංසක මල්..
ඔබ ආයේම විත් උදුරා නුඹව සරසා ගන්න මල්...

"හරි කියුට්" පවසමින් ඉඹ ඉඹ රිද්දන මල්...
මා මලක් නොවෙතැයි සිතා..
රේණු එකිනෙක ගැලවූ රාත්‍රීන්
සිය ගණනක් මතක වරුසාවට වැටේ...

ඉදින් මා තෙමෙමි...
ඔබත් නැති රැය ගන අන්ධකාරයේ වෙලෙමි..



==========================
කෙටිකතා





Comments

  1. දැන් ඉතින් ලෝකයා කතන්දර කියාවි සඳවතීගේ පුරුද්ද බෝ වෙලා කියල . හි හී... කවියනම් මම කියෙව්වා පත්තර පිටුවෙන්. කෙටි කතා ටික හෙමින් හෙමින් කියන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. මම ලෝකයාගේ කතා අසන්නීයක් නොවෙමි

      Delete
    2. මගේ ජෝක්, ජෝක් වෙන්නැද්ද හැබෑට...

      Delete
  2. ඔව් ඔව් බෝවෙලා.....

    ReplyDelete
  3. ඔක්කොම කියවා ඇත. ඒ උනාට මෙහෙම දැම්ම එක හොඳය ( වෙන ඉතින් මක්කා කියන්නදය)

    ReplyDelete
    Replies
    1. මක්ක කියලා කියන්නද මාත්...

      Delete

Post a Comment

Popular Posts