නුවර කඳුලු



මහවැලිය හඬපු දා
වික්ටෝරියාවත් හරස් වෙලා
සියවසකට එහායින්
තිබ්බ පරම්පරාගත මඟ
වලලමින් මියැදුනේ කරලියැද්ද....



හුලු ගඟත් හිරි මල් කාලේ
විසේ කෙරුවට
දැන් හරිම නිවිච්ච සීදේවී..
අම්මගේ අඩි පාරේම ගමන
වෙනස් නොකර...
සද්ද බද්දයක් නැතුවම...



හන්තානේ කඳු මුදුන
සීතලෙන් වෙවුලුම් කෑ
දහක් දෙනාගේ සීන අරන්
මහවැලියට දුක විසි කරාම
කොහොම දරා ගන්නද,
පාඩුවේ යන මහවැලිය..



මහවැලිය හඬන්නේ 
උහුල ගන්නා බැරි තැන
කාටවත් නොකියා අරං ගිය දුක
තට්ටු පිටින් කිඳා බහින්න
ලක ලැහැස්ති වෙද්දි..
එහෙම දවසක් බොඳ කරන් 
තෙල් දමා ඉපදුනේ නුවර හුස්ම ටික ....



Comments

  1. දහක් දෙනාගේ සීන අරන්
    මහවැලියට දුක විසි කරාම
    කොහොම දරා ගන්නද,
    පාඩුවේ යන මහවැලිය..

    මේ ටිකට මං හරි ආසයි..
    හරිම අපූරුයි

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ජයවේවා !!

      Delete
  3. කරලියැද්ද තෙල්දෙණිය වීම... මරු

    ReplyDelete

Post a Comment

Popular Posts