මල් කෙල්ලක් කියු කව
අවලමේ යන සල්ලාල නුවරෙක
පතල පරසිදු වෙහෙර අසලෙක
හුනිමි මල් කෙල්ලක් විලස
විඳ දරා ගිම් හීන විජිතෙක.
නොහික්මුනු සුදු වස්ත්ර හැදි බැතිමත්හු,
විකුණනු මල් පමණක්මද අසත්හු.
නිවන නොව බැතිමත් වදනට නිගරු.
රොස් පරොස් නොකියමි, මට මොටද වන බඹරු.
මඩෙන් ඉපිද දිය මතුපිට හිනැහිය.
මඩ නොතැරවි පරිස්සමට පිපිලාය.
නෙළුඹු මලක් නුඹටම මම විකුණාය.
දිවි තර කර ගනිමි ඒ දම ගැන හිතලාය..
👍
ReplyDeleteMaru eka
ReplyDelete