අතීතයට කුමට...



සුවහසක් පා තබා ගිය ඒ,
වෙරළ මත වූ අපේ කඳුලැලි
වියලි යනු ඇත, සැඟව යනු ඇත.
වෙහෙස නොවනුය, කඳුලු පිලිබඳ,

සවිමත්ව බැදි අපේ බන්ධන
ලිහි ගැලවී ගියෙ කෙලෙසක
තවම පුදුමයි ඔබේ ප්‍රේමය
මගෙන් නික්මී පියැඹු අරුමය.

සඳට කිව් ගී, දෝංකාරයකි.
මලට බැඳි පෙම, මිරිගු දුමාරෙකි.
මලත් නොවුනත් , සඳත් නොවුනත්.
මගේ හදවත ඔබේ හිමියනි.

ගාලු මුවදොර පෙම්වතුන් හුඟ
පෙම්කරන තුටු කඳුලු වගුරන,
දිනක් අපටත් තුබුනු ඔච්චම
මතක් කරවයි පෙම්වතුන් හැම.

සිහින විසිරුන දිනක් පසුවුන.
කුළුඳුලේ පිපි පෙම මැරු දුක.
දරාගමි හිත සසුන් කර.
අහිමි සඳකට කුමට ලොබකම්


No comments:

Post a Comment

ඉරණම

උපන් සැනෙකින් ඉරණමම ඇතිය ලියැවී. නොවන් කිසිවත් බාර කැපු ඉනි ගඟට වැටෙතී. මුදුන් මුලෙකත් විපත කුණාටු සැඩ රකුස් මවති. පවන් නොපහත් වීම මහ ගහ...