රන් කුරුල්ලා
ප්‍රේමයේ ශේෂ වුණු නටඹුන් අතර මං හෙව්වෙ මකුණු දැල් කඩලා හරි කෞතුකාගාරෙට යවන්න උඹේ ආදරය.
උඹ මේක කියවලා විස්සෝප වෙන්න කාරී නෑ. මං පිළි නොගත්තට මගේ ගන්දබ්බ හිත පිළි ගන්නවා උඹ මට ආදරේ කළා කියලා.
මට අපි අත් අල්ලන් ආපු මතකය දිගේ අයේමත් පියෑඹුවා වුනත් කුරුල්ලෝ උඹේ ආදරය හොයා ගන්න බැරි වුනා.
මං උඹේ සල්ලාලකම් සන්තර්පණය නොකර කිරිල්ලියක් වෙලාම හිටිය නම්, මට බාගදා කෞතුකාගාරෙට යවන්න හරි ආදරේ ශේෂ මාත්‍රාවක් හොයා ගන්න තිවුනා.
සල්ලාලකම් කරන වෙලාවට උඹ සිංහයෙක් වගේ. මං මුව පොව්වෙක් වගේ අසරණ වෙලා උඹේ නෙත් දිහා බලන් හිටියා. උඹ කුරුල්ලෙක් වග අමතක වෙලා, සිංහයෙක් ගොදුරට ලං වෙනවා වගේ හරි හිමින් ලං වෙලා එක පාර මාව ගිලගත්තා.
බාගදා මාත් සිංහ ධේනුවක් වෙන්න ඇති ඒ වෙලාවට. නැත්තම් කොහොමෙයි මං යහමින් උඹ එක්කලා විසේකරන්නේ.
උඹේ ආදරය හුලඟක් වෙලා හමන්න හැදුවට උඹ ඒකට විරුද්ධව වර්ෂාවක් වෙලා වැටුනා. මං හිතුවේ ඒ මගේ හද කතර අස්වද්දන්න කියලා. උඹ කලේ ඉවුරු බිදන් ජල ගඟ වගේ දෙගොඩ තලා ගිය එක.
උඹේ ආදරය පසලොස්වක සඳ වගේ කියලා මං හිතුවේ. ඒත් උඹ හැමදාම අමාවකේ ආවේ.
උඹේ හුරතල් හිත දවසක්වත් හිඟාකෑවේ නෑ ආදරය.. හිඟා කනවා කියන්න හොඳ නෑ ආදරයට. ඒක පරම පිවිතුරු හැගීමක්. මේ කිරිල්ලිව නම් උඹ සමහරක්දාට පයේ පෑගෙන දුහුවිල්ලක් තරමටවත් සැලකුවේ නෑ.
ඒත් කිරිල්ලි උඹව පිලිගත්තේ උඹේ පයත් ක්ෂිරයෙන් දෝවනය කරලා.
"දෙමල මිනිස්සු ගැබ්බර වෙන්න කියලා ශිව දෙවියන්ගේ ලිංගය ක්ෂිරයෙන් හොදනවා"
උඹ කිව්වේ ඒකට වෙන කතාවක්. බගදා ඒක ඕන් නෑ.
"ඒක ඒ මිනිස්සුන්ගේ විශ්වාසේ."
මං නොක්කඩුවෙන් කිව්වේ, මගේ අම්මා දෙමල නිසා. උඹට මං ඒක කවදාවත් කිව්වෙ නෑ මගේ කුරුල්ලෝ.
අපි ශිව දෙවියන්ට වන්දනාමාන කරන්නෙ හරිම භක්‍තියෙන්.
"ම්.. පිච්ච මල් සුවඳයි කුමුදු" මගේ හිස ඉඹලා මගේ කුරුල්ලා කියනකොට මං සතුටින් මෝදුවුනා.
උඹ දැනන් හිටියේ නෑ. මං උදේට කෝවිලට ගිහිනුයි මගේ කුරුල්ලව බලන්න එන්නේ කියලා. කෝවිලට යන්නේ පිච්ච මල් මාලයක් මගේ දිග කොණ්ඩ කරලේ බැඳන්නේ.
"මගේ කොණ්ඩ කිරිල්ලි..." මගේ කොණ්ඩෙට උමතු වෙලා මගේ කුරුල්ලා කිව්වේ එහෙම.
මන් කිව්වේ "රන් කුරුල්ලා" කියලා.
පස්සේ තමයි දැන ගත්තේ උඹ කැරට් 18 මාත්තු රත්තරං වලින් හදපු විත්තිය.
මං ඒක කාටවත් කියන්න ගියේ නෑ.
මං වෙළඹක් වගේ උඹේ පස්සෙන් දුවලා හති වැටිලා ඉන්න වෙලාවේ උඹ නෙවේ ඇහැක් ඇරලා බැලුවේ.
උඹට හිටියා තව කිරිල්ලියෝ. උඹ ඒ කිරිල්ලියෝ එක්ක සන්තෝශ උනා ඒ අතර..
මගේ මේ සංසාරේ පුරා උඹේ ආදරය කොහොම වෙතත්, උඹ කරපු සල්ලාලකම් කෞතුක වස්තුවක් වගේ මගේ ආත්මය ගිනි තියාවී. එදාට මං අග්නි පුජාවක් කරලා හරි උඹව බේර ගන්නම් මගේ රන් කුරුල්ලෝ..
මට උඹව රිද්දන්න වුවමනා නෑ. ඒත් මගේ දළඹු හීනය සමනලයෙක් කරලා අතාරින්න ඕනා. ඒකයි මං ලියන්නේ..
මං දන්නවා උඹට ගන්දබ්බ හිතක් තිවුනට උඹ මාව හොයන් ඒවි, ගන්දබ්බ අවදියෙදි හරි.
Well done nanga..love ur writing style
ReplyDeleteThanx akkoo.. :-*
DeleteI love this ������
ReplyDeleteThanx...
DeleteMan asai oyage style ekata :) keep it up dr :)
ReplyDeleteThankoo thnkoo daruwo...
Deleteසමනලයව පරිස්සමට අතාරින්න....
ReplyDelete^_^
Deleteමේ ලියලා තියෙන විදිහට මං හරිම කැමතියි... තව ලියන්න...
ReplyDeleteස්තූතියි මිතිල....
Deleteඔය වගේ තව ලියපුවා ඇති.... නිදහස් වෙලාවක මගේ කෙටිකතා ටික කියවන්නකෝ... ජය
අලුත් විදිහක post එකක්. හරිම අපූරැයි. ඔබට ජය. අද ඉඳල අරෑගෙ ලෝකයට මමත් එනවා. පරණ post ටිකත් බලලා එන්නම්.
ReplyDeleteහුඟක් ස්තූතියි නුවන්...
Deleteඅරුගේ ලෝකයට හුඟක් ආදරයෙන් පිලිගන්නවා..
එල
ReplyDeleteස්තූතියි
Deleteහරීම ලස්සන රිද්මයකට ලියලා තියනවා.
ReplyDeleteස්තූතියි
Delete