සිත ලිහමි.. ලිහන සිත ලියමි....
කල්පාන්තරයකට පෙර ඔබ තෙමුව මගේ සිරුර, වළදාපු පහස සඟවා ඔහු පාරනු හැඟේ..
ඔබෙ අදිසි චුම්බනයට රතුව සිදුරු වූ තොල්පෙත්ත. අද රිදව රිදවා ඔහු විසින් තුවාල කරනු දැනේ...
ඔබේ ඒ ප්‍රේමය අමිලවු නමුදු ප්‍රේමයක් නැති යෝජනාවක බිරිඳ නාමෙන් මගේ දෙනෙතෙන්ම උණු කඳුලු කැට හැලේ...
Comments
Post a Comment