රන් තාරකාව නොහොත් තාරකා මල
ඒකීගේ මදහසේ සුන්දර ක්ෂුද්‍ර අංශුවක්ම මගේ අන්වීක්ෂයට හසු වුනේ නෑ. ඒත් මං ඒකිගේ මන්දහාසෙට වසඟ වෙලයි හිටියේ..
මෙරුවා ආලෝකයට ඇදෙනවා වගේ මට ඒකිගේ හිනාව නැති තප්පරයක් අන්ධකාර මැදියම් හෝරාවක් වගේ වුනා. ඉතින් මං ඒකීගේ පස්සේ ඇදුනා..
ඔව් මං මෙරුවෙක් තමයි. ඒකී මගේ අන්ධකාර තාරකාව.
"ඒකී මහා ආඩම්බර එකියක්"
මගේ අතිජාත පරම මිතුරා කිව්වත් මං නෙවෙයි පිලිගත්තේ..
ඒකී අහංකාරෙට හිනා නොවී ඉන්නකොට මගේ හදවත් ගල්බෝර දාලා තලනවා වගේ වුනා..
"ජොයින්ට් එකක් දීපන්, එතකොට හිනා වෙවි" මගේ මිත්‍රයෝ මටයි එහෙම හිනා වුනේ ඒකීගේ ආඩම්බරේ ගැන කියලා
හදත් සාක්කි දේවි.
තරුවක් නැතිව හද පායන් නෑ...
ඒකිත් මට තරුවක් වගේ.. මගේ තාරකාවී..
ඉතිං මේ අන්ධකාරේ පායන මගේ තාරකාවි.
ඒකිට මං ආදරෙයි කිව්වේ කවියෙන්, සිංහල කවියකින්.
"කවිකම් වලට ඉඩ නෑ."
ඒකී කෲර විදියට ඉංග්‍රීසියෙන් තෙපලනකොට මගේ හදවත ඒකිගේ ආඩම්බරේ කියන ගල්බෝරෙට වැදිලා තැලුනා. තැලිලා යකඩයක් වගේ පදම් වුනා.
ඒත් මං ඒක පෙන්නන්න ගියේ නෑ.
"ලැජ්ජ නැද්ද බොල! උඹ ඒකීගේ පස්සෙන් ඔච්චර සෙවලයා වගේ ඇදෙන්නෙ, මුහුදේ වෙන මාළු නැද්ද?"
මට ලැජ්ජාවක් දැනුන් නෑ.
අනික මං උන්නෙ මුහුදෙයැ. මං අහස් ගව්වේ සක්මන් කරන පුංචි කණාමැදිරියෙක්.
ආලෝකේ හොයා ගන්න ඕනා මේ ලෝකෙ මට සැරි සරන්න. ඒකී ළඟ විතරයි මට ගැලපෙන ආලෝකය තිවුනේ.
මගේ පුංචි රන් තාරකාව ඒකී....
මුලින් මං පිලිගත්තෙ මන් මෙරුවෙක් කියලා.. දැන්, කණාමැදිරියෙක්ලු...
මං පිලිගන්නම් ඇත්ත..
මං ඇත්තටම රෑ බදුල්ලෙක්..
ඒකී මගේ ආදරය පිලිගත්තේ සම්පුර්ණ වර්ෂයක්ම ඒකීගේ පස්සෙන් ගියාට පස්සෙයි. ඒකෙත් රහක් තිබුනා, ඒකීගේ අහංකාරේ බලා ඉන්න එක.
"කොහෙද ගෙම්බෝ ඔච්චර පස්සෙන් යන එකෙ රහක්?" ඔයාලා මගෙන් අහයි..
ඒක ඉතින් මගේ හර්ද වස්තුවෙන් එලියට අරන් මේන් මේකයි රහ කියන්න මන් දන්නෙ නෑ.
ඒක අර කුමාරතුංග මුනිදාස සාහිත්‍යයේ නව නළු රස වලට අමතරව පෙන්වලා දීපු දහ වෙනි රසේ වගේ රසයක් වෙන්න ඇති බාගදා වෙලාවට.
රෑ බදුල්ලා එලිය වෙලා..
අහස් ගව්වේ සැරිසැරුවා.
ඒකී.. මගේ රන් තාරකාව,
මට ප්‍රේම කරන්න පටන් ගත්තා..
ප්‍රේමය...
සහජාන් ප්‍රේමය හැදින ගත්තේ මුම්ටාස් මැරුනට පස්සේ..
රෝමියෝ ජුලියට් පෙම් කලාට එයාලා එකතු වුනේ නෑ. ප්‍රේමය නිස අකාලයේ මියැදෙන්න සිද්ධ වුනා...
ඒකයි ප්‍රේමයේ භයානකකම..
ප්‍රේමය,
තිබු කල ගත නොහි..
ඉහිරුනු කලම අරුත දැනවී..
මගේ රන් තාරකාවී..
හසරැල්ල විසිකරලා මාව උමතු කරලා සැඟව ගියා...
ඔව්! සහෘදයනි...
ඒකට වග කියන්න ඕනා බඹරෙක් ..
ඌ වන බඹරෙක්..
එහෙම කිව්වා කියලා ඔයාලා වන බඹරුන්ව අවිශ්වාස කරන්න යන්න එපා.
මගේ රන් තාරකාවිට බඹරව හම්බෙලා තියෙන්නෙ දහවලේ..
මං රෑ බදුල්ලෙක් නිසා මං උන්නේ රෑට විතරනේ.
ඒත් මගේ රන් තාරකාවි අහස් ගව්වෙන් බිමට බැහැලා දහවලේ තාරකා මලක් වෙනවලු..
මටත් කිව්වේ කණාමැදිරියෙක්..
ඌට කියලා තියෙන්නෙ සමනලයෙක්..
ඉතින් වන බඹරට මට වඩා ප්‍රේම රසාලිප්තයක් මගේ රන් තාරකවී වෙනුවෙන් පුදන්න පුලුවන් උනා ඇති..
මං හිත හදා ගත්තා.. කැලැල් නොතිබුනා නෙවෙයි.. හර්ද වස්තුව හදා ගන්නම බැරි වුනොත් ඇමරිකාවේ ගිහින් ට්‍රන්ස්ප්ලාන්ට් එකක් කරන්න බැරියැ..
එච්චර දුර හිතන්නෙ මොකට...
ලංකාවේ බයිපාස් නැතැ..
ඒත් නිකම් කරන් නෑලු..
නිකම් කරන්න නම් ලිස්ට් එකේ ඉන්න ඕනලු. ඉතින් ඒ අතර හුඟදෙනෙක් මැරෙනවලු. මට බයයි මැරෙන්න..
මං හිත හදා ගත්තා..
පැලැස්තර ටිකක් අලවලා..
මගේ රන් තාරකාවි...!
වැරදුනා..!
මගේ නෙවි දැන්...!
ඒකී වන බඹරා එපා කියලා දැන් මීමැස්සෙක් අල්ලගෙනලු..
මට කිව්වේ ඒ වන බඹරාමයි.!
එක හුස්මට ඉවර කරා මාාර රහක් ප්‍රේමය,
ReplyDeleteතිබු කල ගත නොහි..
ඉහිරුනු කලම අරුත දැනවී..
හුඟක් ස්තූතියි
Deleteඋබෙ වාසනාවට උබ මෙරුවෙක් නොවි රෑබදුල්ලෙක් වෙන්න තීරනය කලේ.... මොකද...
ReplyDeleteඅලෝකය හොයන් ගිය කිසිම මෙරුවෙක් ආපහු යහතින් ආවෙ නැ සහෝදරයා..
එ අතින් උබ සතුටු වෙයන් උබ ගැන..
ඔය පැලැස්තර ගහපු තුවාලෙත් ටිකෙන් ටික සුව වෙයි....
මතක් තියා ගනින් සහොදරයා.. එදාට උබෙ වත්තත් කඩුපුල් මල් වලින් සුවද වෙලා තියෙයි...
ඉවසන් හිටපන්.. එ දවස එනකන්..
උඹ රෑබදුල්ලෙක්වත්, මෙරුවෙක්වත් නෙවෙයි කියලා මන් හිතනවා.
Deleteඋඹ එහෙම වෙන්න ඕනේ නෑ.
කොහිහැටි වෙතත් උඹේ වචන ටික නම් රත්තරං. ස්තූතියි සහෝ
කාගෙ වුනත් රන් තාරකාවියක් වෙලා ඉදිවි එයා මන් කිව්වෙ ටික කාලෙකට හරි..
ReplyDeleteඒකනෙවෙයි ජොයින්ට් ගැවුමව හිනා යනවද අරු......
මං එහෙම අහලා තියනවා. හි හි
Delete