වරද



සදාකලිකව මිහිදන් වු හීනයේ නටඹුන් ගවේෂණයට පෙර ඉඳුරාම ඔබේ තකතීරුකම් පිළිබඳ අවංකවම විස්සෝප වෙමි. ඔබගේ අහිංසකත්වයට පෙම් බැදි මා, මේ ගිනි ගහන කොලඹ ෆැන්ටසි ඉසව්ව කරා රැගෙන ගිය වරද සැබවින්ම මම වෙත පවරා ගනිමි. ඔබ, ෆැන්ටසි  ලොවෙහි උත්කෘෂ්ට අහ්ලාදයේ වියරුවෙන් වියරු වැටුනු බැව් මට  පසක් වුයේ සියල්ල සිදුවී හමාර වීමෙන් අනතුරුය. ඉදින් ඔබ මා වෙතින් ගිලිහුණේ අසුරු සැනෙකිනි.

තද දම් පැහැ කෙස්රොදේ උනුහුමට වශි වු මා ඔබේ රතැඟිලි මත වියරුවෙන් ආදරය තැවරුවෙමි. ස්වභාවිකත්වයට මුල් තැන දුන් ඔබේ නෙත් අදුන් ගැල්වුයෙමි. ඔබ නොදුටු ඉසව්වට මම අතැඟිලි වලින් අල්ලා රැගෙන ගියෙමි.
ගිනි ගහන අව්ව මැදින් ප්‍රේමයේ හිම තුහින ඉස්සුවෙමි. ඝන අන්ධකාර රාත්‍රියේ අඩවන් රතු කොල එලි මැදින් සීතල විනිවිදා රුහිර අග්නි වර්ෂාවෙන් නැහැව්වෙමි.

අපේ මතකයන් වියලි කොල රොඩු වී කොලොම්පුරයේ මං මාවත් වල හැලි ඉකිබිඳි. දැනුදු ඒවායේ ශෝකිරාවය මගේ හදවත කිනිසි පහරවල් සේ සිදුරු කරයි.
ඔබට මීට වර්ෂයකට පොරොතුව ආගන්තුක වු මේ විසේකාර කොලොම්පුරයේ ඔබ දැන් මා පසෙකට විසිකර තනිව හෝ ආගන්තුකයින්  සමඟ පාතබනු දැකීම තරම් වු දුර්ධර(අතිශය) වේදනාවෙන් පෙලෙමි. ඔබ මෙලෙස මා හැර ආගන්තුක බව පසෙකලා පිය නගනු බැව් මට අදහන්නටද නොහැකිය. මා ඔබ දත්තේ අහිංසක මලක් ලෙසටය. ඒ මල මගේ අතෙහි වෙලි එකල පිය නැගුවේ මුව පොව්වකු ලෝකය දකින්නාසේය.
මම පිලිගනිමි. මා ඒ මලට ආදරය වත් කොට විටින් විට රාගයද මිශ්‍ර කලේ මාගේ නොසන්ඩාල පිරිමිකම නාමයෙනි. නමුත් වෙන පිරිමියකු ගෙන් ඔබට ඒ නොසන්ඩාලකම හිමිවනු මම රිසි නොවුයෙමි. ඔබ මගේමය. මගේ පමණක්මයැයි මම ඇදහුයෙමි. මා ඔබට සැබවින්ම ප්‍රේම කලෙමි. දැනුදු ප්‍රේම කරමි.

මම ඔබව බලහත්කාරයෙන් මගේ ප්‍රේමයටත්, මගේ පිරිමිකමටද හුරු කෙරුවෙමි. එසේ නොනැවතී හදවත උමතු කරවන මතටත්, අන්ධකායේ රතු කොල ලෙල දෙන සමාජයටත් හුරු කෙරුවෙමි. සියල්ලම  මා ඔබ වෙත බලහත්කාරයෙන් පටවන ලද ආවේගයන් ය.
දැන් මට මගේ වරද දර්ශනය වේ. 
ගැමිකම මැදින් ඔබ නාගරිකරනය වුයේ මා නිසාය. ඒද ස්වයන් කැමැත්තෙන් නොවේ. එය ඔබට ආගන්තුක වු නමුත් හදවතට නතු වු වහාම ඔබ එයට වේගයෙන් ලොල් වුවාය, උමතු වුවාය. ඔබේ අහිංසකකම පරදා දඟකර කෙලිලොල් බව ඉස්මතු වීම මගේ පරම අපේක්ෂාව වු නමුදු ඒ ඔබේ තකතීරුකම මා විසින් ඔබගෙන් පිටතට ගත් බැව් වැටහුනේ සියල්ල සිදුවී හමාර වු පසුය. ඉදින් ඔබ මා වෙතින් ගිලිහිනි.

මා ප්‍රථම හාදුවත් මේ වනතුරු අවසාන හාදුවත් තැරවුයේ ඔබේ නාදෙතොලට පමණිමය. රතු කොල වර්ණයන් මැද ඔබ මගෙන් ගිලිහි වෙනෙකෙකුගේ හාදුවෙන් තෙමෙනු මගේ දෘෂ්ටියට හසු වු අතිශය උහුලාගත නොහැකි වේදනාවෙන් දැනුදු මා ඔත්පලව හිඳිමි. මා වෙතින් උගත් සංස්කෘතිය ඔබව විනාශ කරනු දැකීම තරම් වේදනාවක් අද වනතුරු මම නොදනිමි. ඔබව විනාශ මුඛයට ඇද දැමු පසුතැවිල්ල මාගේ හුස්ම සිඳෙන තුරු මහදින් නික්ම නොයනු ඇත. ඉදින් ඔබ දැනගන්න... මගේ ආදරය නාමයෙන්, මම විඳවමි. හෙටද විඳවන්නෙමි. මියෙනතුරු විඳවන්නෙමි.

Comments

  1. බලහත්කාරයෙන් නුබෙ ආදරයටත් , නුබෙ පිරිමිකමටත් , හදවත් උන්මාදයටත් , අන්දකරයේ රතු, කොල, ලෙලදෙන සමාජයටත් හුරු කලා යැයි පවසන ඔබම .. මගේ අවිහින්සක අනුවර්තනය තකතිරුකමක් යැයි පැවසිම සුදුසු දැයි පලමුව මා ඔබෙන් විමසමි.
    ඔබ නැවතත් ඔබෙන් විමසුවොතින්..., ඔබේ උරතලය මත උනුහුම සෙවු මගෙ රතැගිලි මත වියරුවෙන් ආදරය තැවරුවෙ ඔබ නොවෙද..., නලලත තැබු එක් හදුවකින් මා සිතම සන්සුන් කල ඔබම මා දෙතොල් නොසන්සුන්කමට හුරුකලෙ නොවෙද...? සත්තකින්ම, මා ගැමිකමින් නාගරිකරනය කරා ගෙන ආ ඔබ මාගෙ ආදරය තුලින් පමනක් ගැමිකම සෙව්වෙ ඇයි දැයි නොදනිමි... හරි වැරැද්ද කුමක් දැයි හරි හැටි නොතෙරුනු නමුදු, මා ගමන් කරන ලද්දේ ඔබ පෙන්වු මගෙහි බව තව දුරටත් පවසා සිටිමි. කෙසේ නමුදු අවසනයෙහි පවසා සිටිනුයේ... මෙය ඔබේ මා අහිමි කල ආදරයේ අවනඩුව පමනක් නොව ඔබ අහිමි කල මාගේ සැනසීමෙහිද අවනඩුව බවයි.

    ReplyDelete

  2. //රතු කොල වර්ණයන් මැද ඔබ මගෙන් ගිලිහි // රතු කොල කියන එක තේරුන් නෑ අරුශිමා

    ReplyDelete
    Replies
    1. ඒ club එකක් කියන එක වගේම සුකුරුත්තම් ලෝකය කියන අර්තය.. ^_^

      Delete
  3. //රතු කොල වර්ණයන් මැද ඔබ මගෙන් ගිලිහි // රතු කොළ කියන එක තේරුන් නෑ අරුශිමා

    ReplyDelete

Post a Comment

Popular Posts