ප්‍රේමයේ විලෝපීයතාව



සුදු පිරියම් කරපු හදවත් බිත්තියේ..
උඹ ඇවිත් වියපු දැලට,
ආදරය නැමතී අහිංසකී අහුවුනා..
උඹට එදා සන්තෝශ ඇති..
උඹ හුඟක් කාලයක් රැවටිල්ල වෙලා
ඒකිගෙන් සතුටු උනා.
කාට කියන්නද දුක ඒකී...
උඹ එකපාර ගොදුර ගිල නොගත්තට,
ධාරකයා වෙලා වර්ෂ ගණනක් ඒකී මත යැපුනා.
අහිංසකී දැනන් හිටියේ නෑ ඒක..
ලැජ්ජයි උඹ ගැන..

"උඹේ හිතේ අහිංසකී ගැන කැක්කුමක් නැද්ද"

ඒකී නෙවේ ඇහුවේ කවදාවත්...


Comments

Post a Comment

Popular Posts